_A few years ago_
' මට හැමදේම එපා වෙලා තියෙන්නේ...ඇයි මටම මෙහෙම වෙන්නෙ....😞😞😞'
තනියම පුටුවට වෙලා ඉඳගෙන කල්පනා කර කර හිටිය මගේ ඇස් වලින් එකපාරටම කඳුළු වැටෙන්න ගත්තෙ මටත් නොදැනීමයි...
' මට දැන් ජීවත් උනත් ඇති...මට මේක එපා වෙලා හොඳට ම....'
මේ විදියට එක දිගට කල්පනා කරගෙන හිටියේ පාන්දර දෙකට විතර කාමරේ ජනේලෙන් වැටෙන හඳ එළිය දිහා බලාගෙන ය.
මට එහෙන්මම නින්ද ගිහින් කියලා තේරුනේ කළුවර ගතිය එක පාරට නැතිවෙලා දරාගන්න බැරි තරම් එලියක් ඇස් දෙකට දැනෙද්දී ය. බලද්දී පහුවදා උදේ ඉර පායල එලිය මගේ මූනට වැටිලා...
" 🥱🥱🥱 හම්මෝ...නිදි මතයි තාම....🥱🥱"
"වැඩට යන්නත් ඕන නේද...😩🥱"
තනියම කියෝ කියෝ හිටිය මම ඇඳෙන් බැහැලා ඇඳත් අස්කරලා ඇස් දෙකේ කබ කඩ කඩ ගියේ ඇඟ හෝදගන්නයි.
"හම්මෝ මගේ මූණේ හැටි කැත වෙලා..."
_Present_
කියන්න අමතක වුනා මගේ නම නාරී...🙂අන්යොං.... මං වැඩ කරන්නේ සෝල් වල කොෆී ෂොප් එකක..මං පොත් කියවන්න ආසයි වගේම හවසට ඉර බැහැගෙන යන අහස දිහා බලාගෙන ඉන්න ඒ වගේම හුඟක් නේචර් එකටත් ආසයි...
මං හුඟක් වෙලාවට නිවාඩු දවස් වලට කරන්නේ හං ගඟ පැත්තේ ගිහින් මිනිස්සු අඩු පැත්තකට වෙලා පොතක් කියවන එක.. අහ්..දුකට සැපට මගේ ළග ඉන්න එකම හොඳම යාළුවා මගේ දුප්පත් හැන්ඩ්ෆ්‍රී එක...ඒ ඇබ දෙකත් කනේ ගහගෙන මං කරන්නේ වටපිටාවේ තියෙන සද්ද ඇහෙන්නෙ නැති තරම් හයියෙන් සින්දු දා ගැන පොත් කියවන එක.
වැඩට යනවා එනවා ආයේ උදේ වෙනවා රෑ වෙනවා ආයේ වැඩට යනවා එනවා...ඕක තමයි ඉතින් මගේ් දවසේ චර්යාව 🥴🥴
ඉරිදා කියන්නේ මගේ ජීවිතයේ සතුටුම දවස්. මොකද එදාට තමා මම නිවාඩු. පුරුදු විදිහට ම මං ඉතින් හං ගඟ ලඟට ගියා. ගියේ නිකනුත් නෙවේ පොතකුත් අරං. මං හුඟක් ම ආසයි ත්‍රිලර් ඒ වගේම යුද්ධ ගැන කතා පොත් කියවන්න. ඒත ඒ පොත් ඇත්ත කතා සම්බන්ධ කරගෙන ලියපු පොත් වෙන්නත් ඕනෑ.
YOU ARE READING
MOONCHILD [Completed ✅]
Short Storyවසන්තයක් වගේ දැනෙන හැඟීමක් ලඟ කවුරුත් කැමති නවතින්න. ..ඒක අපි ආදරේ කරන කෙනෙක් නැත්නම් යාලුවෙක් පවුලේ කෙනෙක් වුනත් වෙන්න පුළුවන්. ඒත් ඒ කෙනා කවදාවත් අපිව දන්නේ නැති කෙනෙක් වුණොත් ඒත් වෙන්න පුළුවන් නේද...? He's my moonchild.,.♥️