One Shot

1K 163 135
                                    

"අද එ් ළමයත් හිටියනම් අද මගෙ දරුවට මෙහෙම වෙන්නෑ...දැන් කී අවුරුද්දක්ද? මේකා කනමදයෙක් වගේ බීලා පිස්සු නටනවා...මේ දේවල් බලන් ඉඳලා දැන් මට එපා වෙලා තියෙන්නෙ."

"ඕවා ගනන් ගන්නෙපා...තව දවස් ටිකක් ඉවසලා බලමුකො.."

"තව කොච්චරනම් ඉවසන්නද? ඉස්සර බාර් එකක් දිහා හොරෙන්වත් බලපු නැති එකා දැන් එ්ක අස්සෙම නිඳාගන්නත් පටන් අරන්...තව දවසක් බලලා මන් හිතාගෙන ඉන්නෙ කොල්ලව අාපහු අපේ කෙල්ලත් එක්කම රට යවන්න."

"හුම් එ්කත් හොඳයි..අඬුම තරමෙ මේ දේවල් වලින් අෑත් වෙලාවත් ඉන්නැතැයි."

___________________

ඔහු නමින් xiao zhan. වයස අවු. 20 ක කඩවසම් ප්‍රියමනාප තරුණයෙක්. හැම මොහොතෙම විනෝදෙන් කාලෙ ගතකරන අනිත් අයගෙ මුහුණු වලට හිනාවක් ගේන්න පුළුවන් සුන්දර කොල්ලෙක්. එ්ත් දැන් එ් තත්වෙ බොහෝ දුරට වෙනස් වෙලා. අවුරුදු කීපයකට කලින් තිබුන එ් හිනාව සදහටම යන්න ගිහිල්ලා. කලින් තැබෑරුමක් දිහා අැහැක් අැරලා බලපු නැති xiao එදා තමන් දැඩි ලෙස පිළිකුල් කරපු තැන අද තමන්ගෙ නවාතැන කරගෙන. Collage එකේ අවසාන අවුරුද්දෙ ඉන්න xiao zhan ගැන පවුලෙ අයට තිබුන බලාපොරොත්තු නැතිවෙන්න පටන් අරන්. කොල්ලගෙ සුන්දර ජීවිතේ හුළඟට ගහන් යන නූල කැඩුන සරුංගලයක් වගේ වෙලා. එ්ත් මේ හැමදේකටම හේතුව මොකද්ද? xiao ගෙ බිඳුන හිත යට හැංගුන කතාව මොකද්ද?

_______________

"Xiao...Xiao නැගිටිනවා හලෝ...."

"අාහ්...නූනා මට තව ටිකක් මෙහෙම ඉන්න දෙන්නකො..."

"තව ටිකක් වෙලා ඉන්න??? එ්යි කෝ නැගිටිනවා...collage යන්නැද්ද අා...."

"අයියෝ නූනා ඔයත් අම්මා වගේ වුනාද? මට මෙහෙම ඉන්න දෙන්න pls...මට අාපහු collage යන්න ඕනනෑ."

"Xiao මේ අහන්නකො...මේ මාසෙ අන්තිම සතිය විතරයිනෙ....එ් ටිකත් යන්න ළමයො. ඔයා දැන් නූනා කියන දේ අහන්නැද්ද අා...බලන්න ඔය මූණෙ හැටි. "

"නූනා....මට අාපහු collage බෑ නූනා. අැයි කවුරුත් තේරුම් ගන්නැත්තෙ. මට මෙහෙම ඉන්න දීලා යන්න. එහෙම නැති වුනොත් මන් අාපහු club එකට යනවා."

The Dream [COMPLETED]Where stories live. Discover now