episode 4 [ end ]

340 52 5
                                    

Jimin's Pov

ඒ අනතුර වෙලා දැනට සතියක් ගත වුනත් මට තාමත් මේ හැමදෙයක්ම නරක හීනයක් වගේ.

එදා දවසෙන් පස්සෙ මම කාමරේටම කොටු උනා. මම කාමරේටම වෙලා අපේ හැම ලස්සන මතකයක් එක්කම ජීවත් වෙනවා. අපි එකට හිනා වුනු දවස්.... එකට ජීවිතේ බෙදා ගත්තු දවස්....ඔයාගෙ ලස්සන හිනාව.... මේ හැමදේම මට මතක් වෙන්න ගත්තේ හරියට චිත්‍රපටියක් වගේ.... ඒ දේවල් මතක් වෙන හැමවෙලේම මට කරන්න පුලුවන් වුන එකම දේ කෑගහලා අඩන එක විතරයි .

මේ හැමදෙයක්ම මගේ වැරැද්ද . මම මටම කවදාවත් සමාව දෙන්නෙ නෑ Y/N .

අද එයාගෙ අවසන් කටයුතු කරන දවස. මට ඕනෙ නෑ එතනට යන්න.මොකද මට එතනට ගියොත් මගේ වේදනාව තවත් වැඩි වෙනවා. මට එතනට යන්න තරම් ශක්තියක් නෑ Y/N .

අදත් කාමරේට වෙලා මම ඇති වෙනකන් බිව්වා. මට පුලුවන්නම් කාලය ආපස්සට හරවන්න........
මම යනවා අපි සතුටින් හිටපු ඒ ලස්සන කාලෙට....හේතුවක් නැතුවම ඇති වෙනකන්ම  අපි හිනා වුනු ඒ ආදරේ පිරුණු දවස් වලට.....

මම දැක්කා කාමරේ දොර ඇරගෙන ගෑනු ලමයෙක් ඇතුලට එනවා. මම අත් දෙකෙන් ඇස් දෙක පිහිදගෙන බැලුවේ  මම මේ දකින්නෙ ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව. මට වැරදිලා නැත්තන් එතන හිටියෙ වෙන කවුරුත් නෙමෙ Y/N .
ඔව් මගේ Y/N.

හදිසියෙම මගෙ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තා.මට ඒවා ගැන දැන් හිතන්න වෙලාවක් නෑ...
Y/N දැන් මගේ ලග.

" Y/ N "

එයා මගේ ලගට ඇවිල්ලා මගේ කම්මුල් වලට අත තියලා මගේ කදුලු පිහිදැම්මා.

" ශ්ශ්... අඩන එක නතර කරන්න , ජිමින් . ඒක ඔයාට ගැලපෙන දෙයක් නෙමෙ " එයා ලස්සනට හිනා වෙලා කිව්වා .

ඒ හිනාව නැතුව මම පාලුවෙන් හිටියේ.

" Y/N ප්ලීස් මාව ආයෙත්  දාලා යන්න එපා.."

" කවදාවත් නැහැ. මම හැමදාම ඔයාගෙ හදවතේ ඉන්නවා.මම ඔයාගේ ආරක්ෂක දේවදූතයා වගේ ඔයාව හැම කරදරයකින්ම හැම අනතුරකින්ම ආරක්ෂා කරන්නම්.අඩන එක නතර කරලා ජීවිතේ ඉස්සරහට යන්න."එයා අන්තිමට එහෙම කිව්වා.

ටික වෙලාවකට පස්සෙ අපි දෙන්නා වැලදගෙන හිටියා. ඒත් එකපාරටම මට දැනුනා එයාගේ සුවද මගේ ලගින් ටික ටික නැති වෙලා කියලා. හරියට මට දැනුනේ මම මාවම වැලදගෙන ඉන්නවා වගේ .

මට දැනුනේ ඔයා ඇත්තටම මන් ලග හිටියා වගේ. ඒත් මම ඇස් දෙක ඇරලා බැලුවම ඔයා අතුරුදහන් වෙලා.

මම අඩන්නෙ නෑ . අඩන්නවත් දැන් මගේ ඇස් වල කදුලු ඉතුරු වෙලා නෑ.

මට ඕනෙ ආයෙත් ඔයාගෙ ලස්සන හිනාව දකින්න..... මට ඕනෙ ආයෙත්  ඔයාගෙ ලගින් එන සුවද විදගන්න.......මට ඕනේ ඔයාව ඉස්සර වගේ  ආයෙත් වැලදගන්න.......... මට ඕනෙ ආයෙත් අපි ගත කරපු ඒ ලස්සන දවස් වලට යන්න.....

මම ලාච්චුවෙන් කතුරක් අරගෙන මටම තුවාල කරගන්න පටන් ගත්තා .

" Y/N මම එනකන් ඉන්න......" ටිකවෙලාවකින් පස්සෙ  මගේ ලග තිබ්බ හැමදේම කලුවර වුනා.................

                     ***

You, in my imagination
Are so vivid, oh-oh
As if you are right there
But I reach out my hand
And you suddenly disappear

"මගේ මවාගැනීම් තුළ
ඔබ හරිම විචිත්‍රයි
ඔබ ඇත්තටම ඉන්නවා වගේ
නමුත් මම මගේ අත ඔබ වෙත දිගු කරන විට
ඔබ හදිසියේම අතුරුදහන් වී යයි"

From all the memories stored in my heart
I gather up the ones of you, link them together
Gazing at them projected across the room
I feel you with every burst of pain

"මගේ හදවතේ තැන්පත් වී ඇති සියලුම මතකයන් වලින්
ඔබේ මතක එකතු කර ඒවා එකට සම්බන්ධ කර බලමි
කාමරය පුරා විසිරී ඇති ඒ මතක දෙස බලා
මගේ වේදනාවන් තුලින් ඔබව සිහි කරමි"

                                          -Fim Out-

                  ❣️ - END - ❣️

🤗🤗🤗🤗🤗🤗🤗💜️💜️💜️💜️💜️💜️

-Mochi_masha-

🥀 LoSt LoVe 🥀[ ONESHOT ]  💜️ Jimin × Reader 💜️Where stories live. Discover now