chapter 10

1K 226 22
                                    

අවුරුදු තුනකට කලින් මට නැතිවුන මගෙ සතුට, ඔයා නැති නිසා මගෙ ජීවිතේ ඇතිවුන හිස්තැන තාමත් එහෙමමයි. අදටත් මම ඔයාව හොයනවා මින්හි. ඔයා කොහෙද ඉන්නේ. ආයෙත් මං ලගට එන්න. මං ඔයාව පණ වගේ බලා ගන්නම්.

A/N - අවුරුදු තුනකට කලින් උනේ මොකක්ද කියලා ජිමින් කියයි ඔයාලට.

ම්ම් මේ හැම විකාරයක් ම පටන් ගත්තේ අවුරුදු තුනකට ඉස්සෙල්ලා. මම ගිය බිස්නස් පාර්ටි එකකින්. ඒකට ගියේ නැතුව හිටියනම් කියලා දැන් මං පසුතැවෙන වාර අනන්තයි. එදා මං ටිකක් වැඩියෙන් ඩ්‍රින්ක් අරගෙන ද කොහෙද. එහෙමත් නෙමෙයි මට මතකයි මං වැඩිය ඩ්‍රින්ක් ගත්තෙ නැහැ. හැබැයි මට හොදටම වෙරි උනා. මගේ ඩ්‍රින්ක් එකට අර ගෑනි මොනාහරි දාලා ඒකයි මම ඒ තරමටම මත් වෙලා තියෙන්නෙ. මට මතකයි මට වැඩි කියලා තේරුන නිසා මම පොඩ්ඩක් ටේබල් එකෙන් ඔලුව තියාගත්තා. පස්සේ එතනට යූරා ආවා මතකයි. ඊට පස්සේ වුන කිසි දෙයක් මට මතක නැහැ. මම ඇහැරෙද්දි හිටියේ vip රූම් එකක කෙල්ලෙක් එක්ක. ඒ යූරා. දෙන්නගෙම ඇගේ එක් නූල් පොටක් නැහැ. මට ඒ වෙලාවෙ දැනුනෙ මං ගැනම මහ පිළිකුලක්. තව එක මොහොතක් එතන ඉන්නේ නැතුව මම ඇදුම් ටික දාගෙන ගෙදර ආවා. මං කළේ වැරැද්දක් මං මින්හිට කළේ ලොකු වැරැද්දක්.

ඒ දවසින් පස්සේ සති දෙකක් විතර සාමාන්‍ය විදියට ඉන්න ඇති ඊට පස්සේ තමයි හැම කරදරයක්ම පටන් ගත්තෙ. එක දවසක් යූරා ඔෆිස් එකට ආවා මාව හම්බෙන්න. මොකක්ද මන්දා ෆයිල් එකකුත් අතේ තියාගෙන. ඒකෙ තිබ්බෙ යූරාගෙ prengnancy report එක. මට හිතාගන්න බැරිවුනා මේ මොකක්ද මේ උනේ කියලා. එයා කිව්වෙ ඒ ලමයා මගෙ කියලා. ඒක පිළිගන්න නැතුව ඉන්න මට බෑ. මොකද කිසිදෙයක් හරියට මතක නැති උනත් මම එදා හිටිය විදිහ මතක් වෙද්දි මට හිතුනෙ මේ කියන්නෙ ඇත්ත කියලා. ඇත්තටම මේ ළමයා මගෙ ද? යූරා කිව්වෙ ඉක්මනට මින්හිව divorce කරලා එයාව marry කරන්න කියලා නැත්තං ලමයව නැති කරනවා කියලා.

මං කොහොමද දෙවියනේ මගේම ලේ වලින් හැදුනු පුංචි පැටියෙක්ව මේ ලෝකේ දකින්න කලින් නැති කරලා දාන්න හදද්දි එකට කැමති වෙන්නෙ. ඒ තරම් පවුකාර වැඩක් කරන්න මං කොහොමද කැමති වෙන්නේ. මං එයාගෙන් ඉල්ලුවා ටික දවසක් දෙන්න තීරණයක් ගන්නම් කියලා. මොනාද කරන්නද කියලා හිතා ගන්න බැරි උනත් මම එහෙම කිව්වා.

මට මං ගැනම දැනුනෙ තරහක්. මං මොකක්ද මේ කලේ. මට පනටත් වඩා ආදරේ කරන මින්හිට මං කලේ ලොකු වැරැද්දක්. මට මින්හිට මූණ දෙන්න ශක්තියක් නැති උනා. මං එයාව මග ඇරියෙ ඒ නිසයි. මං දන්නවා ඒක ඔයාට ලොකු වේදනාවක් වෙන්නැති මින්හියා. ඒත් ඔයාට එහෙම කරනකොට ඔයාට වඩා මට ඒක වේදනාවක් උනා මින්හි. මම රෑ තිස්සෙ ක්ලබ් ගානෙ ගිහින් බොන්න පුරුදු උනා. මම හැසිරුණේ පිස්සෙක් වගේ.  එදා මින්හි මාව follow කරපු දවසේ දැකපු දෙයින් මින්හි  හැමදේම වැරදියට තේරුම් ගත්තා. පැහැදිලි කරන්න හැදුවත් එයා මට ඒකට ඉඩ දුන්නෙ නෑ. පස්සෙ මම මුල ඉදන්ම වෙච්ච හැම දෙයක්ම ටේට කිව්වා. එයා මගෙ සෝල්මේට්නෙ. ඉතින් මොන ප්‍රශ්නෙ ආවත් මට උත්තර හොයලා දෙනවා. එදත් එහෙමයි. ටේ කිව්වා යූරව එයා කියන හොස්පිටල් එකෙන් නැතුව වෙන එකකින් ටෙස්ට් කරලා බලන්න කියලා. මම එදාම යූරාව එක්කන් ගියා. ටෙස්ට් රිපෝට් එකේ තිබ්බෙ යූරා pregnant නෑ කියලා. මේ ගෑනි මට කරලා තියෙන්නෙ බොරුවක්. හැමදේම ඒ ගෑනිගෙ ප්ලෑන්. සල්ලිවලට තියෙන කෑදර කමට කොහොමහරි මගෙ ඇගේ එල්ලෙන්නයි යූරට ඕනෙ උනේ. හැමදේම විසදුනාට පස්සෙ මං මින්හිට මේ දෙවල් කියන්න යද්දි එයා ගිහින්. මාව දාලා ඈතකටම ගිහින්.

මින්හි ගියේ මාත් එක්ක තිබ්බ තරහට නෙමෙයි. යූරා කරපු බොරුව ඇත්තක් කියලා හිතලා. ලියුමෙ ලියලා තිබ්බෙ කිසිම දෙයක් නොදන්න අහින්සකයෙක්ට දඩුවම් දෙන්න බෑ කියලා ඒ කිව්වෙ දරුව ගැන. සුභ පැතුවෙ ඒත් මේ හේතුවටමයි. යූරා මින්හිව හම්බෙලා කියලා දරුව ගැන. මගෙ මින්හියා ඔයාගෙ හදවත ගොඩක් ලස්සනයි. මං දැක්ක ලස්සනම හදවත තියෙන්නෙ ඔයාටයි මගෙ මැණික.පරාර්ථකාමී වෙලා දරුව වෙනුවෙන් ඔයා මගෙන් අයින් වුණා. මගෙ මැණික, ඒ ගෑනි අපි දෙන්නටම බොරු කලා. ආයෙත් මං ලගට එන්න මින්හියා ඔයා නැතුව මගෙ ජීවිතේ අසම්පූර්ණයි.

අප්පා..............




අන්තිම කොටසින් හම්බෙමු කුකීස් 🍪

කියවන වෝට් කරන හැමෝටම කම්සාහම්නිදා. සරන්ග්හේ 💜

HERE TO HEART ( Completed )Where stories live. Discover now