☠CHAPTER 02☠

247 50 40
                                    

Chapter 2

හෙලෝ ලමායි....ඔන්න මන් චැප්ටර් 2 වලින් ආවා. කියන්න නම් දේවල් නෑ ඒ නිසා කියවන් යන්න.

☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠☠

අටයි හතලිස් පහයි වෙලාව කුකියගේ කරුමෙටම ලොකු ට්‍රැෆික් එකක් මගදී සෙට් වුනා. කොහොම හරි ගාට ගාට ගිහිල්ලා රෙස්ටුරන්ට් එකට ආවා. එතකොටත් රෙස්ටුරන්ට් එකේ සෙනග හොදටම පිරිලා ඒකත් බේකරි එකේ... කොල්ලට තරු පෙනුනේ ඒවෙලාවෙ තමා. මොකද බේකරි එකේ ඉන්නෙ චෙෆ් ලා තුන්දෙනයි. ජුන්ග්කුක් නතුව දෙන්නයි... කොල්ල සුටුස් ගාලා කඩාන බිඳගෙන ඇතුලට ගියා....

කොල්ලා ඇතුලට යනවත් එක්කම එතන හිටියේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා....කොල්ලට ඉතිපිසෝ කියවුනේ එයා එක අතකින් පිහියකුයි අනිත් අතින් රෝලින් පින් එකකුයි අතේ තියන් ඉන්නවා දැකලා . ඒ විතරක් නෙමේ එයා ජුන්කුක් දිහා බලන් හිටියේ හන්ගලා මරනවද මරලා හන්ගනවද කියන ලුක් එකෙන්😠. ජුන්කුක් ලොකු කෙල ගුලියක් ගිලලා එයා ගාවට ගියා....

ඒත් අයිතිකාරයා හිටි පිලිමයක් වගේ ජුන්කුක් දිහා ඒවිදියටම බලන් හිටියා. ජුන්කුක්ටත් වචනයක් එන්නේ නෑ. වචනයක් කටට තියා ආමාසෙට වත් එන්නේ නෑ..
"මේ.........මේ.......ජොන්හියුන් හියුන්.....මන් මේ...." කුකියා අමාරුවෙන් මොලේ හාරලා වචන ටිකක් හොයාගත්ත. "ඔව් ඔය මොකක්ද?" ජොන්හියුන් කොල්ලව අතාරින පාටක් නම් නෑ. "මේ...." ජුන්කුක් ආයෙත් කතාකරන්න හැදුවත් ජොන්හියුන් මැද්දට පැන්නා. "වෙලාව කීයද බලන්න උදේ 7.30 ට ෂිෆ්ට් එක පටන්ගන්නේ. මේ තුන්වෙනි වතාව. මේපාර නම් පඩියෙන් කපනවා." ජොන්හියුන් කෝච්චියක් වගේ කියන් ගියා...

ජුන්කුක් ඉතින් පුලුවන් උපරිමෙන් අහිම්ශක පපී අයිස් දෙකක් දාන් ජොන්හියුන් දිහා බලන් උදේ වෙච්ච දේවල් කියන්න ගත්තා. "මේකයි වුනේ... හෝබි හියුන් අද උදේ පඩිපෙලෙන් වැටුන. මන් එයාට උදව් කලා එක තමා එන්න පරක්කු වුනේ."

(A/N: නෑ ජොන්හියුන් ඔප්පා ඕකා කියන්න පල් බොරු. පශ්චාත් බාගෙට අව්ව වැටෙනකම් නිදාගෙන ඉදලා, කෙල්ලො ඉන්න හීන බල බල හිටියේ මෙයා උදේම. එනව මෙතන බොරු කියන්න.🤣
JK : මෙහ් කතාව ලියනවනම් ඒ විදියට ඉන්න. එනවා මෙතන මගේ බොරු හොයන්න. 😒
A /N: මොනාද බොරු ආ?
JK: අයි දැන් කිව්වේ කෙල්ලො ඉන්න හීන බලනවා කියලා.😒
A/N: ආආ....... එතකොට IU නූනා කෙල්ලෙක් නෙවෙයි. අනේ යනවා යන්න.😏
JK: ආහ්....හරි හරි දැන් මෙතන ඉන්නේ නැතුව කතාව ලියන්න. පොඩි අසරණ මගෙ රීඩර් බබාලා ටික බලන් ඉන්නව.
A/N: අඩෝ ඒ මගේ රීඩර් බබලා....කොල්ලට ලජ්ජා හිතිල වගේ IU ව මතක් කලාම..😜)

☠𝕿𝖍𝖊 𝕯𝖗𝖊𝖆𝖉𝖋𝖚𝖑 𝕽𝖊𝖛𝖊𝖓𝖌𝖊☠🖤 [HIATUS]Where stories live. Discover now