'' මම මරනවා ඒකාව !!! @#$%^"7 !!!!!!!!!!!ඌ දන්නේ නැහැ මේ කෙයාන් අධිකාරී කව්ද කියලා !!! කොහෙන් ආපු හය්යක් ද උට මට අත උස්සන්න !!!!!!! .. ''
සුඛෝපභෝගී මන්දිරයක් බදු වූ නිවසෙහි තමාටම ප්‍රතිකාර කරගනිමින් තනිව බැන වැදුණු කඩවසම් තරුණයෙකි. අඩි හයකට ආසන්න වූ උසට ගැළපෙන මහත , කළු පැහැති කෲර වෛරය පිරි ගැඹුරු දෙනෙත් , ගෙලෙහි එල්ලෙමින් තිබූ ක්‍රිස්තියානි කුරුසය , මිලාධික අත් ඔරලෝසුව ඔහුගේ කැපී පෙනෙන අංගයන් විය. දැඩි ගුටිබැට පහරදීමකින් නිල් පැහැ ගැන්වූ තිබූ නළලෙහි හා ඇස අසළ වූ තැලුම් ලකුණ , රත් පැහැයෙන් ලේ පිරී තිබූ මෘදු දෙතොල්වල වූ පැල්ම නාසයෙන් ගලා විත් නැවති තිබූ රුධිරය හා දහදියෙන් පෙගී ඇගටම ඇලී සරාගී ස්වරූපයක් ඉස්මතු කළ ටී-ෂර්ටය හා දණිස අසළින් පතුරු ගොසින් තිබූ ඩෙනිම් කළසම අතරින් පෙනුණු දෙදණම තුවාල කර රුධිර බිදු මතු කර තිබූ තුවාල ඔහු පෙර දරුණු ආකාරයේ පහරකෑමට ලක්ව ඇති සෙයක් දිස් වීය.
ඔහුගේ වම් හස්තය ඔසවා ගත නොහැකි වූ අතර ඔහු එය තනිව වෙලා ගැනීමට උත්සහ කරමින් සිටියේ ය.
'' පර බල්# ! වෘක්ෂ සුනඛයා !! තෝ ඒ කාටද අත ඉස්සුවේ කියලා දන්නේ නැහැ. !!! තොගේ ජීවිතයම මම අපායක් කරලයි පස්ස බලන්නේ... !!! එහෙම වුනේ නැත්තන් මම කෙයාන් නෙවේ...'' තමාටම ප්‍රතිකාර කරගැනීමට නොහැකිව අසරණව සිටි තරුණයා තමාටම පවසා ගත්තේ දත් මිටි කමිනි. ඔහු නොරිස්සීමෙන් වෙළුම් පටි හා අනෙක් දේවල් විසි කර දැමූ අතර සිය ජංගම දුරකථනය නාදවනු ඔහුට ඇසුණි.
'' කියපන් බන් සතිශ්.. මොකා ද ඌ ? '' කෙයාන් විමසුවේ තරහින් පිපිරෙමිනි. දිවා කාලයේ ඔහු පැවසූ විස්තරවලට ගැළපෙන එකා සොයාදෙන ලෙස ඔහු , සිය සමවයසේ ඥාති සොහොයුරාගෙන් සහය පැතුවේ ය.
'' සහන්ස චානුල්ය.. '' අනෙක් පසින් ඇසුණූ නාමයෙන් කෙයාන් නැවතත් කෝපයෙන් ඇවිලී ගියේ ය.
'' මොන ### හරි.. වෙන මොනවා ද ? ''
'' ඌ 13 වසරේ අය්යා කෙනෙක් බන්.. ඒ වගේම.. ඌ තමා අපේ...... ''
'' ඌ උබලාගේ මොකාද කියලා තමා මටත් දැනගන්න ඕන.. අර ෂර්ට් එකේ තිබ්බ ලෝහ කෑලි ටිකේ හැටියට.. '' කෙයාන් ගිගිරුවේ ය.
YOU ARE READING
_Lost Eyes_
Short Story𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL '' ඔයා ඇත්තටම මට ආදරෙයි ද ? '' '' හ්ම්.. '' '' මමත්.. '' '' ඒ... ඒ කිව්වේ ඔයාත් මට... ? '' '' නෑ මාත් මට ආදරෙයි.. එතකොට අපි දෙන්නම මට ආදරෙයි.... '' !! කිසිදු සත්‍ය සිදුවීමක් අඩංගු නොවේ . චරිත මනකල්පිතවන අතර , එය වටහා...