😍 අසීමිත ආදරය 😍

153 33 51
                                    

 
   " you .... you are ..... my universe ..... " 📲 ( ඕතර් bts ලාගෙ new song එක stream කරන දවසෙලු මේක ලියන්න පටන් ගත්තේ ඈ 😁 )

" ආයිෂ්.... මොන මගුලක්ද අනෙ 😫😫 නිදාගන්නත් නෑ අප්පා.... කවුද අනේ මේ මහ පාන්දර කෝල් ගන්න එකා....අනෙ අම්මපා අහු උනොත් ඕකව ම.ම.. ආ.... හෙලෝ ටේ....ගුඩ් මෝනිම් .... නෑ පිස්සුද......... මම මේ ලෑස්ති වෙලා කෑම කන ගමන් හිටියේ...... ඇහ් 😬 අ..ම්.. මේ මට විනාඩි 10 දෙන්නකො ..නෑ නෑ 5ක් ..... මන් ඉක්මනට පාරට එන්නම්ම්ම්... ඔයා හෙමින් එන්න හදිස්සියක් නෑ 😁😁 .. බායි ටේ.... පරිස්සමින් එන්න........"
         මන් ඉවරයි 😫 ටේ මාව අද කෑලි කෑලි කොලයි යකූ..... ඉක්මනට ලෑස්ති වෙන්න ඕනි..නැත්තම් අද මගෙ අවසන් දවස තමයි මේ ලෝකේ හුස්ම ගන්න  😵 ....

☘☘ Few minites later ☘☘

" අම්......ටේ.....හායි...😁😁 ගුඩ් මෝනිම්😎 "

" යා... මම දැන් කොච්චර වෙලාද ආ ඇවිත්.... ඔයානම් හැදෙන්නෙම නෑ යෝනා....මම කෝල් ගනිද්දි ලෑස්ති වෙලා කියලා කීවේ බොරු කියලා මම දන්නව.. හරිද.. "

" 😁 ටේ.... ඔයා ඇයි මේ දුම් දාන්නේ....උදෙන්ම ලේ පුච්චගන්න හොද නෑ ටේ... අපි තාම මල් වගේ ලමයිනෙ...කෝ ඉතිම් අපි යමුකෝ...පරක්කු වෙනෝනේ 😁 "

" හහ්..මල් වගේ...අනේ මගෙ කට... හරි හරි නගිනවා ඉතිම්...😑 යෝනා ඔයාට බෑ මට බොරු කරන්න තේරුනාද...ඔයා හුස්ම ගත්තත් මට ඒක දැනෙනවා 😌 .. මේ මොංගලේගේ හැටි දන්න නිසා ඉතිම්  හැමදාම සමාව දෙනවනේ මම.. අනේ අම්මපා මේ වගේ පිස්සු කෝච්චියක් එක්ක ඉන්නවට මට වෙනම ගානක් ගෙවන්න ඕනි හරි නම්...🤦... හරි හයියෙන් අල්ලගන්න..අඩු කඩාන එහෙ යන්න බෑ... "

" 😁... හලි හලි ටේලුනා බොස් 😎 .. අපි යමූ..........යේ.............. "    ම්ම්ම් 😔 මම හුස්ම ගන්න එකත් දැනෙනවානම් ඇයි ඒ දේ විතරක් ඔයාට දැනෙන්නේ නැත්තේ 😔

      ආ..හෝව් හෝව්ව්...ඔයාලා බලනෝ නේ මන් කවුද කියලා 🤭 අහසින් කඩා පාත් උනේ නෑ අනී... මම පොලවේ පය ගහලා ඉන්න පිටසක්වල ජීවියෙක් 😎 ... හැබැයි දැන් මන් ඉන්නේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වන රාජකීය ටේ කුමාරයාගේ රාජකීය වාහනය වන ෆුට් සයිකලය උඩ.... 🤭🤭 මම මේ ටේ එක්ක යන්නේ අපේ කොලේජ් එකට..... අපි දෙන්නා චූටි කාලේ ඉදන් හොදම යාලුවෝ..... අපි දෙන්නා හැමදේම කලේ එකට... මගෙ ඔම්මටයි අප්පටයි පස්සේ මේ ලෝකේ වැඩිපුරම ආදරේ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ටේ ටයි..... එයාගෙ නම කිම් ටේයෝන්...... එතකොට මගෙ නම මින් යෝනා..... අපි දෙන්නගෙ වසය 21 ... අපි දෙන්නම ඉගෙන ගන්නේ art college එකේ... එයා music faculty එකේ මන් dancing faculty එකේ....එයාගේ ජීවිතේම උනේ music තමා... මගෙ ජීවිතේම උනේ හම්ම්ම්ම්.... මම ආස කලේ medical යන්න.... ඒත්.......ඒත් මන් කෙනෙක්ට ආදරය කරනවා... ඒ ආදරේ නිසාම මම පනටත් වඩා ආදරේ කරන medical ඇතෑරලා dancing තෝරගත්තා.... මන් එහෙම කරන්න හේතු උන ආදරේ වෙන කවුරුත් නෙමේ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ටේයෝන්..... මම යාලුකමටත් කලු පැල්ලමක් එකතු කරනවා වගේද 😪 .. ඒත්... මම දන්නි නෑ මගෙ හිතේ එයා ගැන තිබ්බ යාලුකම කොහොම ආදරේකට පෙරලුනාද කියලා... මම හිතන්නේ මම එයාට ආදරේ කරන්න පටන් අරන් අවුරුදු  6 ක් විතර වෙනවා... හැබැයි ඒ කාලෙදි මොහොතක්වත් මම එයාට ඒ ගැන අගවලා නෑ.... මොකද මම බය උනා 😔 මගේ ඒක පාර්ශවික ආදරේ නිසා මට ඉන්න මගෙ එකම යාලුවත් මට නැති වේවි කියලා... මගෙන් පිරිමි ලමයි දාස් ගානක් කැමැත්ත ඉල්ලලා ඇති .. අදටත් ඒමයී .. ඒත් මන් ඒ කාටවත් මගෙ කැමැත්ත දුන්නේ නෑ... මොකද තව කෙනෙක්ට මගෙ හිතේ ඉඩක් තිබුනේ නෑ.... මගෙ මුලු හිතේම හිටියේ ටේ විතරයි..... ඒත් ටේට... මට දැනෙන විදිහට මම එයාගෙ හොදම යාලුවා විතරමයි...එයා මාව දකින්නේ...මාව ආරක්ශා කරන්නේ හොදම යාලුවා කියන සීමාව හිතේ තියාගෙනයි..🙂 කමක් නෑ...දුකයි නම් තමා..ඒත් ඒක මගෙ වැරැද්දක්නි. එයාට බැනලා වැඩක් නෑ... එයාගෙ හිතේ අනෙක් ගෑනුලමයින්ට වඩා මම ගැන තැනක් තියෙනවනේ කියලා මම හිත හදාගෙනයි ඉන්නේ...මොකද ගෑනු ලමයි එයාගෙ පස්සෙන් හෙනට එනවා..ඒත් ටේ ඒ කාටවත් කැමති නෑ..ඇයි දන්නේ නෑ.... ඒ නිසාම ගොඩක් වෙලාවට ගෑනු ලමයි මට කරදර කරන්න එනවා.. ටේ මා එක්ක ඉන්න නිසා... හැබැයි ඒ හැමවෙලාවකම ටේ මාව බේරගන්නවා.. ඒ හැමෝටම කෑ ගහලා කියනවා   "යෝනාට ඔහොම දේවල් කියන්න ඔයාලට අයිතියක් නෑ... යෝනා එක්ක ඉන්න එක මගෙ තීරණයක්... මගෙ දේවල් වලට ඇගිලි ගහන්න එන්න එපා " කියලා මගෙ අතිම් අල්ලන් මාව එක්කම් යනවා එතනින්...හම්ම් මන් පියවි සිහියට ආවේ ටේ කතා කරනකොටයි..

♥ නොදැනුනු ආලය ♥Where stories live. Discover now