02!

924 172 8
                                    

මට කේන්තියි. ඊට වඩා දුකයි.

ඇයි එයා මේ විදිහට හැසිරෙන්නෙ. කිසිම දෙයක් නොදන්න ගානට. ඇයි සොන්යී ... ඇයි ?

ඔයාට තිබ්බා එකම එක පාරක් මට කතාකරන්න. ඇයි එහෙම නොකළේ ? මාව මතක් උනේ නැද්ද ඔයාට ? ඔයා මැරුණා කියලා දැනගත්තාම මට හිතුනෙ මොනවද කියලා දන්නවද ඔයා ?

මට සොන්යිගෙන් අහන්න ගොඩාක් ප්‍රශ්න තිබ්බා.

ජුනී හියුන්ගෙ කම්පැනි එක ළඟින් ජීහුන්ව බස්සපු මම කෙලින්ම ගියේ මගේ අපාර්ට්මන්ට් එකට.

අපි යනකොටත් පොඩ්ඩිට නින්ද ගිහින් තිබුණ නිසා කෙල්ලවත් උස්සගෙන ඇඳෙන් ගිහින් තියපු මම ආයිමත් කාර් එකට ආවෙ සොන්යිව එක්කගෙන යන්න.

ඔයා කොහොමද මේ විදිහට හැසිරෙන්නෙ සොන්යි. කාර් එකට නැගපු වෙලාවෙ ඉඳන් ඇස් පියාගෙන. කම්මුල් දිගෙ ගලපු කඳුළු පාරවල් වේලිලා ගිහින්.

මං කොහොමද ඔයා මෙහෙම ඉන්නවා බලන් ඉන්නෙ මැණික. ඔයා දන්නවා මගෙ ලොකුම වීක් පොයින්ට් එක ඔයාගෙ කඳුළු කියලා. ඔයාට මොකද්ද උනේ ? කෝ අර ඉස්සර මාත් එක්ක රණ්ඩු වෙච්ච පිස්සු කෙල්ල ?

" බහින්න අදහසක් නැද්ද ? "

මං ඇහුවෙ තාමත් ඇස් පියාගෙන ඉන්න සොන්යිගෙන්. ඔයා කොහොමද මෙහෙම වෙනස් උනේ ?

Son-ei - ඇයි මං ඔයා කියන දේවල් අහන්න ඕනි ? ඔයා කවුද මගෙ ?

ඇයි මේ ? මං දන්නවා මැණික ඔයාට මාව මතකයි කියලා. ඇයි බොරුවට රඟපාන්නෙ ?

Jimin - ඇතුළට එන්න.

Son-ei - මොකටද ?

ආයිෂ් ... මේ කෙල්ල ඇයි මෙච්චර මුරණ්ඩු වෙන්නෙ ?

Jimin - මෙහෙට එනවා

මං සොන්යිවත් ඇදගෙන ගේ ඇතුළට ගියේ උනේ මොකද්ද කියලා හරියටම දැනගන්න හිතාගෙන.

මං මැරුණා කියලා හිතන් හිටපු මගේ මැණික තාම ජීවත්වෙනවා. ඒත් ඇයි මෙයා මේ විදිහට හැසිරෙන්නෙ ? මොකද්ද එයාගෙ ප්‍රශ්නෙ ?

_________________________

ජිමින් මාවත් ඇදගෙන කෙලින්ම ගියේ එයාගෙ ගෙදරට. ඒක ඇත්තටම ගොඩක් ලොකුයි. හරියට ෆිල්ම් වල තියෙන කාස්ට්ල් එකක් වගේ.

THE FATE | COMPLETED Where stories live. Discover now