"අනේ ඉතින් මෙහෙම නිකන්ම යන්න බෑනෙ සිංදුවක්වත් කියපල්ලකො බන්......තොපි හොදට නිදි........" අනුකිගෙ බෙරිහන්දීමත් එක්කම මං උඩ ගිහින් ඇහැරුනේ යාන්තමට නින්දයාගෙන එද්දිමයි. මං එහෙමහරි ඇහැරුනත් නෙත්මි හොදට නිදි ගොරව ගොරව.
"මොකද යකෝ බෙරිහන්දෙන්නෙ.....තොට නිදිමත නැත්තම් කටවහගෙන හිටපන්....අපිටවත් නිදියන්න දීලා....." මං හිටියෙ හොදටම නිදිමතේ.....ඇයි අප්පා ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ අද මේ ගමන යන හින්දා......
"යකෝ අපි නිදාගත්තම හරිද.....එතකොට මේ මනුස්සයාට ඩ්රයිවින් කරද්දි නිදිමතක් හෙම ආවොත් අපි සේරටම එකටම අවසන් ගමන් යන්න පුලුවන්......"
"නොදකින් තොගෙ කට......අම්මපා අනුකි තෝ ආයෙත් කට ඇරියොත් හෙම දානවා තෝව කාර් එකෙන් එළියට......" තරිදු අයියා ඒකනම් කිව්වෙ අනුකිට රවලමයි.
"පුහ්හ්හ්......මාව එළියට දායි කියලම තමයි බය.......තමුසෙ මාව එළියට දාන්න හැදුවට ඔයානම් එහෙම කරන්නෑ නේද සදෙව් අයියේ....." මේකි එහෙම කියලා සදෙව් අයියගෙ කොණ්ඩෙන් ඇදපු පාර එයා කාර් එක බැලන්ස් කරගත්තෙ බොහොම අමාරුවෙන්......
"අනේ මේ අනුකියෝ තෝ කටවහගෙන හිටපන්......තව පොඩ්ඩෙන් බලාගන්න තිබුන වෙන දේ......"මන් එහෙම කියලා අනුකිව කෙනිත්තුවා....ඒකි මහ හයියෙන් කෑ ගහපු පාරට පින්සිද්ද වෙන්න නෙත්මිට ඇහැරුනා.....
"ඇයි බන් මොකක්ද උනේ......"
"අනේ නෑ මැණික මුකුත්ම උනේ නෑ.....ඔයා තව ටිකක් දොයියගන්නකො....." මං එහෙම කියද්දි නෙත්මි මගෙ දිහා බැලුවෙ කන්න වගේ.
"තව ගොඩක් දුරයිද සදෙව් අයියෙ......"නෙත්මි එහෙම ඇහුවෙ සදෙව් අයියගෙන් උනාට උත්තර දුන්නෙ තරිදු අයියා.
"අපෝ නෙත්මි ඔයා මේ මොනවද කියන්නෙ......තව පැය හයක්වත් යයි අපිට එහෙට යන්න......."ඒක ඇහුනා විතරයි මේකි කටත් ඇරන් මන් දිහා බැලුවා.
"ඇත්තද සිත්මි....තව එච්චර වෙලා යයිද....."
"පිස්සුද මැට්ටි......තව පැයකින් විතර අපිට එහෙට යන්න පුලුවන්......"
"පව් අනේ සදෙව් අයියට මහන්සිත් ඇති ඩ්රයිවින් කරලා....."මේන්න යකෝ කොහෙවත් ඉදපු අනුකිගෙ කට ආයෙත් ඇරිලා.