mianaa pov.. :
මම හැමදාම එහෙමයි. සමහර පුරුදු මම කොච්චර වෙනස් වුනත් වෙනස් වෙලා නෑ. හරියට කෙනෙක් ගැන සම්පූර්ණයෙන්ම දැන ගන්න කලින් ඒ කෙනාව විශ්වාස කරනවා වගෙ..
ඉතින්...
මාත් මොනා කරන්නද.. යන එනමක් නැතුව සෝල්වල අතරමං වෙනවට වඩා උදේ වෙනකන් හරි ඉන්න තැනක් හම්බුන එක ගැන මට සතුටුයි ...
ඒත්,
මෙයා කව්ද.. ඇයි නොදන්න මනුස්සයෙක්ව ගෙදර එක්කන් යන්නෙ , ඇයි මට කෑම අරන් දෙන්නෙ.. ඇයි ඇයි ඇයි මට මෙයාව විශ්වාස කරන්න හිතෙන්නෙ..හරියට මූණක්වත් නොදැක.. මාස්ක් එකකුයි කැප් එකකුයි ඒ මදිවට ඒ ඇඟ වගෙ දහයක් විතර ලොකු හූඩියකුත් ඇදගෙන..
මේ මනුස්සයා ගෝනිබිල්ලෙක්වත්ද..!!!
" එනවා ඇතුලට තමුසෙ ඔතන ඉදන් මොකෙක්ද වගෙ හිටගෙන හිටියම හරියනවද.."
මම කල්පනාවෙන් මිදුනෙ ඒ මනුස්සයා මට කෑ ගහපු නිසා.. වෙන එකෙක් වගේනම් " තමුසෙට මොකද මං මෙතන මොනා කරත්" කියලා ගේම ඉල්ලලා මම. ඒත් ඉතින් හම්බුන චාන්ස් එකත් කට නිසා නැති කරගන්න ඕනි නෑනෙ 🙂🙂🙂 මම ඔලුව වනලා එයාගෙ පිටිපස්සෙන් ගේ ඇතුලට ගියා.
තමුසෙටනම් ලැජ්ජාවක් නෑ මියානා 😑
‼️
එයා මට රූම් එකක් දුන්නා. හිතුවටත් වඩා හොඳ.. මම තවමත් එයාගෙ නමක්වත් දන්නෑ අඩුමතරමෙ මූනක්වත් මම දැක්කෙ නෑ.. ස්තූති කරන්න ඕනි වුනත් එයා මට චාන්ස් එකක් දුන්නෑ.. නින්දට යන්න ඕනි වුනත් අද දවසෙ වුන දේවල් ගැන මතක් වෙද්දි මට නින්ද යන්නෑ..
අහ් මම මියානා..ලී මියානා... ඒ මම ම හදාගත්තු මගේ නම. ලෝකෙට මගෙ ඇත්ත ස්වරූපය පෙන්නලා මට ඕනි නෑ තවත් දුක් විඳින්න. මෙච්චර පොඩි වයසක මම වින්ද දුක් කන්දරාව අනන්තයි අප්‍රමානයි ...
තවත් බෑ මට...
දෙමව්පියොන්ට ආදරෙ කරන්න ඕනි කාලෙ දෙමව්පියොන්ව එපා වෙලා ගෙදරින් පැනලා එන්නෙ මොන කෙල්ලද.. ඒත් මට සිද්ද වුනා එහෙම කරන්න.. රහස් ගොඩකින් පිරුන මගෙ ජීවිතෙ තවත් මම මේ විදියට ගෙවන්න ඕනිද... ජීවිතෙ දාලා යන්න හැදුවත් ඇයි මට එහෙම කරන්නවත් හිතෙ හයියක් නැත්‍තෙ...
YOU ARE READING
𝐁𝐀𝐃 𝐑𝐎𝐌𝐀𝐍𝐂𝐄 | 𝐊𝐒𝐉 𝐬𝐡𝐨𝐫𝐭 𝐅𝐟 - 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞
Fanfictionඒ කියන්නෙ මේකද ආදරය... ‼️ 2021.10.7