❤️ - Song Ji Yang
💛- Wang Hao Xuanමහ රෑ වෙන කල්පනාවකින් හදිස්සියෙ පාරේ ඉදිරියට දුවමින් හිටිය ජියැන්ග් තවකෙනෙක්ගේ ඇගේ හැප්පිලා නතර උනා
❤️ - කොහෙද යන්නේ අන්දයෙක් වගේ
💛 - මට සමාවෙන්නහැප්පුන කෙනාගේ මූනවත් බලන්නේ නැතුව ඒ කෙනාට කෑ ගහලා ආපු වේගෙන්ම එතනින් ජියැන්ග් පිටවෙලා ගියා.
💛 - පුදුම මනුස්සයෙක්නේ මගේ ඇගේ හැප්පිලා මටම බැනලා ගියා... පිස්සෙක්ද කොහෙද...
දුරකතනය එලියට ගත් ජියැන්ග් එහි අංකයක් සටහන් කොට කනේ තබාගත්තා.
❤️ - අහන්න.... ඔයාට බෑ මෙහෙම කරන්න... කොහොමද කොහොමද ඔයා ඔය විදිහට මාව දාලා යන්නේ ආ... මට උත්තර දෙන්න... Wedding එකක්?? ඔයාට මාව ඇරෙන්න වෙන කෙනෙක්ව පිලිගන්න පුලුවන් උනේ කොහොමද?? මට..... මට උත්තර දෙන්න. හ්ම්ම්ම්??? ඒ කියන්නේ ඔයා මට කලින් ඉදලම ආදරෙයි වගේ රඟපෑමක්ද කරේ... කලින් ඉදලම ඔයා එයාව දන්නවා ඔය දෙන්නා ඔය දෙන්නා මට හොරෙන් ආදරේ කරා...? ඔයා කොහොමද කොහොමද ඔහොම හැසිරෙන්නේ...? ඔය කතා කරන්නේ මම දන්න මගේ ආදරේ නෙමෙයි වෙන කෙනෙක්... හෙලෝ....?? හෙලෝ...??
ඇමතුම විසංදි වනවාත් සමගම දුරකතනය විසි කර දැමූ ජියැන්ග් මාවතේම බිම ඉදගත්තේය. මදවෙලාවක් එලෙස සිට පාද වලට වාරු දී සිටගත්තේ ජීවිතේ කවදාවත් ගිහින් නැති තැනකට යන්න....
සිහිය විකල් වෙනකම්ම බීපු ජියැන්ග් ගෙදර ගියේ කොහොමද කියලා එයාවත් දැනගෙන හිටියේ නෑ...පහුවදා උදේ අවදිවනවිට ජියැන්ගේ ඔලුව පුපුරන්න වගේ වේදනාවක් ආවත් හැමදේම අමතක කරනවා කියලා හිතාගෙන ඔහු College යන්න ලෑස්ති උනා.
හිත හදාගන්න college ගියත් ඒකෙන් උනේ ජියැන්ගේ හිත තවත් පෑරෙන එක...
එයා ලගම තියෙන පුටුව වෙන කාගෙවත් නෙවෙයි එයාගේ පෙම්වතියගේ ඒත් අද ඒ පුටුව හිස්.... දෙදෙනාගේ මතක එකින් එක ජියැන්ග් ඉදිරියේ මැවී පෙනෙද්දී ජියැන්ග්ටත් නොදැනිම ඒ ඇස් බර වෙලා කදුලු ගලන්න පටන් ගත්තා...💛- හායි... මං අලුත්... මං මෙතනින් වාඩි වෙන්නද?
පියවි සිහියට ආපු ජියැන්ග් අත් දෙකෙන්ම කදුලු පිහිදගත්තා.