❤️ - Song Ji Yang
💛 - Wang Hao Xuanදින මාස ගනන් ගෙවිලා යද්දී ජියැන්ග් ටික ටික හඔශුවන්ට සමීප උනා. දෙන්නා හොදම යාලුවන් බවට පත් උනා කොටින්ම ආහාර පවා දෙන්නා එකට අරගත්තේ. බොහෝ විට ජියැන්ග් හඔශුවන්ගේ නිවසේත්, හඔශුවන් ජියැන්ග්ගේ නිවසේත් කල් ගත කරා. දිනක්...
💛 - ජියැන්ග්.... ෆෝන් එක රින්ග් වෙනවා නේද? බලන්නකෝ...
❤️ - හෙලෝ....?? ලූසී?
හෙලෝ ජියැන්ග් මං කතා කරේ ආයෙමත් මට කෝල් ගන්න මැසේජ් කරන්න එපා කියන්න... මගේ හස්බන්ඩ් කැමති නෑ ඒකයි.
❤️ - මම ඔයාට අන්තිමට කතා කරේ වෙඩින් එකට කලින් දවසේ.... ඇයි ඉතින් මේ ඔයා තකහනියක් මට කෝල් කරලා ඕක කියන්නේ...??නෑ මම කැමති නෑ ප්රශ්න දාගන්න මගේ හස්බන්ඩ් කිව්වා ඔයාට කෝල් කරලා කියන්න කියලා ඒකයි මම කතා කරේ....
හදාගෙන තිබුනු ජියැන්ග්ගේ හිත යලිත් කෑලි කෑලි වලට කැඩී යාමට ගතවුනේ පොඩි වෙලාවක්...
ජියැන්ග් අතට අහුවෙන හැම බඩුවක්ම විසි කරමින් හයියෙන් කෑගසා හැඬුවේය...💛 - ජියැන්ග් ජියැන්ග් මොකද උනේ... ඇයි මේ..
කෙතරම් කෑ ගැසුවද හඔශුවන්ගේ හඩ ජියැන්ග්ට ඇසුනේ නැත. ඔහු උන්මත්තකයෙකු ලෙස අතට අහුවන සැම දෙයක්ම විසි කර කඩා දැමුවේය...
කාමරයේ තිබූ කැඩපතට අත මිට මොලවා කෑලි කැඩෙන තෙක්ම පහර දුන් ඔහු වීදුරු කටු ගෙන අතේ මිටිමොලවා ගත්තේය...
සිදුවන දෙය හිතාගැනීමට නොහැකිව හඔශුවන් ගල් පිලිමයක් සේ ජියැන්ග් දෙස බලා සිටියද ඔහුගේ ක්රියාකලාපය හඔශුවන්ගේ ඇස් කදුලෙන් තෙත් කිරීමට සමත් විය...💛 - ජියැන්ග් සන්සුන් වෙන්න...
ජියැන්ග්ව බිත්තියට තියා අත් දෙක තදකර අල්ලාගත් හඔශුවන් ජියැන්ග්ට තරවටු කලේය. නමුත් ජියැන්ග්ගේ හැසිරීමේ වෙනසක් නොවීය. කේන්තියෙන් පුපුරන ජියැන්ග් දෙස බලාසිටි හඔශුවන් ජියැන්ගේ තොල් මත තම තොල් තියා තදකරේ ඔහු සන්සුන් කරගැනිමටයි... හඔශුවන් සාර්ථකයි.... ජියැන්ග් පුදුමයෙන් මෙන් ඔහු දිහා බලන් සිටියේය. සිදුවුනේ කුමක්ද ඔහුට වටහාගත නොහැකි විය... හඔශුවන්ව තල්ලු කර දැමූ ජියැන්ග්,