chapter 5

976 226 5
                                    

🐰: ටේ මං ජන්කුක්...

ජන්කුක් ටේහ්යුංගේ ගෙදර ගේට් එක ලග ඉදන් කෑ ගැහුවා... ජන්කුක්ට මතක් උනේ ටේහ්යුංව එයාගේ ආදරේ ක්‍රෂ් එක එහෙමත් නැත්නම් එයාගේ හීරෝ ජන්කුක්ගේ ජීවිතේ මේ හැමෝම උනේ ටේහ්යුං විතරයි... ජන්කුක් විශ්වාස කලා ටේහ්යුං එයාට උදව් කරයි කියලා මොකද ටේහ්යුං වගේ කෝටිපතියෙක්ට ඒක ඒ තරම් ගානක් නෙමේ.... ඒත් ජන්කුක් ඒක එයාට ගෙවන්න එයාටම පොරොන්දු උනා ඒත් එයාට අමතක උනා එයා උදේ ටේහ්යුංගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරපු විත්තිය ටේහ්යුංව එපා කියලා දාලා ආව විත්තිය... සාමාන්‍යයෙන් නම් ටේහ්යුං ජන්කුක්ව ඒ වගේ දේකින් පස්සේ ගනන් ගන්න ඕන නෑ හැබැයි ටේහ්යුං හිටිය නම් අනිවාර්යෙන් දෙපාරක් නොහිතා ජන්කුක්ට උදව් කරන්න තිබ්බා ජන්කුක්ගේ ජීවිතේට ඊලගට එන කරදර ගොඩක් නැති වෙන්න තිබ්බා ඒත් ඒක එහෙම උනේ නෑ ටේහ්යුං උදව් කරයි එයා ඒක දැන ගත්ත නම් ඒත් මෙතන ප්‍රශ්ණය එයා ඒක දන්නෙ නැති එකයි...

Security(💂): සර් ඇයි කෑ ගහන්නේ?

ටේහ්යුංලගේ ගෙදර සිකියුරිටි එකේ උන්න කෙනා කෑ ගහන ජන්කුක්ගෙන් ඇහුවා...

🐰: ටේහ්යුං ඉන්නවද මං එයාගේ යාලුවෙක්...

💂: මේ උදේ මෙහෙන් ගියපු සර් නේද?

🐰: ඔව් ඔව් ඒ මං තමා ප්ලීස් ටේට කතා කරන්න පුලුවන්ද?

💂: ඒක කරන්න බෑ සර් ඔයා ගිහින් ටිකකින් සර් කොහෙද ගියානේ... එයා තාම ආවෙ නෑ...

🐰: අද එයිද? හෙට.... කීයට වගේ එයිද?

💂: දන්නෙ නෑ සර් මට මුකුත් කියල ගියෙ නෑ හැබැයි ඉක්මනට එන ගමනක් ගියා වෙන්න බෑ

💂: ඇයි ඒ...

සර් මින්හෝ එක්ක යන්නව නම් ගොඩක් වෙලාවට දවස් ගානක් ඉන්න තමා දවසින් එන ගමන් වලට මින්හෝව එක්කන් යන්නෙ නෑ... ඒත් මං හරියටම කියන්න දන්නෙ නෑ සර්

🐰: තෑන්ක්ස්...

ජන්කුක් වෙන මොනව කියන්නද? එයා ටේගේ ගෙදර දිහා බලාගෙන ටික වෙලාවක් හිටියා... හොද හුස්මක් පහලට දාපු ජන්කුක් කෙලින්ම ගියේ එයාගේ ගෙදරට... ගෙදර ගියපු ජන්කුක් ඒ ගෙදර එයාගේ අප්පගේ නමට තියෙන සේරම ඩොකියුමන්ටිස් ටික අරගෙන ගියේ බෑන්ක් එකට.... ඒ වෙද්දී ඊලග දවසෙ උදෙත් වෙලා ජන්කුක් ඊයෙ රෑ එක විනාඩියක්වත් ඇහැ පියාගෙන නෑ... එයා බෑන්ක් එකට ගිහින් එයැගේ ගෙදර වෙනුවෙන් ලක්ෂ තිහක ණයක් ගත්තා... මාස තුනකින් ගෙවන විදිහට එයා ඒ ණයත් අරගෙන කෙලින්ම ආවේ හොස්පිට්ල් එකට...

SINGER|TK| ✔Where stories live. Discover now