🌼සඳමිතුරි 🌼හත්වැනි කොටස 🌼

49 11 2
                                    

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

මොකෝ බං මේ වෙලා තියෙන්නේ.. අර මොකාද මැරිච්ච මොකාද එකා වගේ ඉන්නේ.. දැක්කාමත් මූසලයි ඕයි ..

එහෙම නෑ බං ...නිදිමතයි ..

උදේම පන්තියට ගිය විනුදිට දකින්න වුනේ පොත් බෑග් එකට ඔලුව තියන් ඉන්න හිරුණිව ..

මේ ඒක නෙවේ හෙට මං උබලගේ දිහා එනවා .. මග ඇරුනු පාඩම් ටික කරගන්නත් ඕනනේ නේ උබට  ....  බය වෙන්න එපා තව මාස ගානක් තියෙනවානේ එක්සෑම් වලට ..මේ ටිකේ ෆුල් ෆෝකස් එක දාමු .. ආයේ මීට් නෑනේ කොහොමත් ..

හ්ම්ම් ..

නෙදකින් ගෙවල පිසාච පෙරේතයා  මෙච්චර කියලත් බස්සා වගේ හූම් ගෑවා..වරෙන් අද පන්තිය අතුගාන්න ඉන්නවා මං .. හෙල්ප් එකක් දියම් .. 

මේ ඩියර් .. හෙට එද්දි ඩේටා කාඩ් එකක් අරං එනවකෝ.. හාද ...ඈ..රවුටර් එක කපලා ඕයි ..

ඒනම් මං වෙනුවට අතුගාපිය අද.. ඉදා කොස්ස ..

කොස්ස හිරුණිට දීලා  විනුදි මේසේ උඩට නැගලා වාඩිවුනේ ලොකු කතාවකට මුල පුරන්න ..

මේ බං මං මේ සීරියස් මූඩ් එහෙක ඉන්නේ..

හ්ම්ම් ඉතිම් කියාම්කෝ .. උබේ එක්දහස් එකක් අන්තඃප්පුරයේ සාමාජිකයෙක් ගැනනේ ඔය පුවත ..

අපෝ කෑවානේ ඉතිං .. මං කියන්න හැදුවේ  සිරා එක ගැන ..

ඉස්කෝලේ කොහෙද ? මේ පාරත් හද්ද වන්නියේද ?

නැහැ නැහැ .. කොළඹ එකක් .. උඹලත් දන්න කියන එකක් ..

ඒනම් කමක් නෑ පුතී... ඕකටවත් සපත්තුව නොතියා හිටපන් ..

එක්කෝ කෙනා කවුද කියලා පස්සේ කියන්නම් .. ඔය කුණු ටික කබඩ් එක යටට යවමු දූවිලි විතරනේ.. ආයේ ඕවා උස්සන් පහලට යන බෑ..

පසුදින උදේම විනුදි හිරුණිගේ නිවසට යන විටත් ඇය නිදා සිටින බව හිරුණි ගේ මව පැවසූ නිසා හිරුණි ගේ කාමරයට විනුදි ගමන් කලේ මේ නිවසත් තම නිවසමෙන්ම ඇයට හුරුපුරුදු ස්ථානයක් වූ නිසායි..

නමුත් උඩුමහලේ හිරුණිගේ කාමරයට යනවිට ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ රුවක් ඇය දෙස බලා සිටියේ ඇස්වලින් ගිනි පුපුරු විසිවන තරම් කේන්තියෙන් ..

🌼සඳමිතුරි 🌼 (On hold )Where stories live. Discover now