ටේට කියලා මහ ගොඩක් බඩු නැති උන එකෙන් පැයක් වගේ යද්දි ඔක්කොම බඩු ටික ගෙදරට බා ගන්න පුලුවන් උනාත් දැන් ටේට තියෙන ප්‍රශ්නේ ඒවා ඕන කරන තැන් වලට තියා ගන්න එකයි....
මහන්සියටත් එක්කම සාලේ දාලා තිබ්බ පුටුවක් උඩ ඉද ගත්ත ටේ අතින් දාඩිය පිහිදන ගමන් ආයේ වැඩ පටන් ගන්න ලෑස්ති වෙද්දිම එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ යුන්ගිගෙන්...
සාක්කුවේ තිබ්බ ෆෝන් එක අතට අරන් ඒක answer කරපු ටේ...
📲📲📲📲
🐯: ඔව් යුන්ගියා කියපන්....
🐱: මං උබව හොයාගෙන එන ගමන්...උබ තාම ඉන්නෙ නම්ජුන්ගේ ගෙදර නේ...
🐯: අහ් උබට කියන්න අමතක උනා නේ...මට එයාගෙ apartment එක ලගින්ම ගෙයක් හම්බුනා...දැන් මේ බඩු අස් කරන ගමන් ඉන්නේ..ඉදපන් මං උබට address එක එවන්න...
🐱: අහ් අහ්...එවාහන්...මාත් ඇවිත් උදව්වක් දෙන්න.....
📲📲📲📲
කියලා යුන්ගි ෆෝන් එක කට් කරද්දි ටේ අනිත් පැත්තටම යුන්ගිට එයාගෙ අලුත් ගෙදර address මැසෙජ් එකකින් යැව්වා.....
පැය දෙකකට විතර පස්සේ ගෙදර බෙල් එක රින්ග් උන එකෙන් ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ට ටේ දොර ගාවට ගියේ ඇවිත් ඉන්න කෙනා කවුද කියලා දන්න නිසාමයි....
දොර ඇරපු ටේ ඉස්සරහ හිටිය යුන්ගිට ඇතුලට එන්න කියන ගමන් ආයේ ගියේ කලින් ඉදගෙන හිටිය තැනට....
🐱: සොරි බං...ඔම්මාට අසනීප උන නිසායි හදිස්සියෙම යන්න සිද්ද උනේ....
🐯: ඒකට කමක් නැහැ යුන්ගියා....දැන් ඔම්මා හොඳින්ද?
වෙනදාට සතුටින් කියවන ටේ අද හුගාක් සයිලන්ට් කියන එක යුන්ගිට තේරුම් ගන්න එච්චර වේලා ගියේ නැහැ....
YOU ARE READING
Stranger next door ( Completed ✅)
Fanfiction" ටේ...ටේටේ හියුන්ග් ඇ...ඇයි අපිට ආදරේ ක..කරන්න බැරි.." -𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- "එක, ඔයා පොඩි ලමෙක්..එතකොට දෙක මට ආයේ ආදරේ කරන්න ඔනී නැහැ...මං ආදරේට වෛර කරනවා" ...