හරූ අකියොවත් දාගෙන ටවුන් එකට ඇවිත් අම්මගෙ බෙත් ටිකත් අරන් දිලා, සුපර්මාර්කට් එකෙන් බඩු ටිකකුත් ගත්තෙ අකියො එපාම කියලා බල කරද්දියි . එ ටිකත් අරන් අකියො ගෙ ගෙදෙට්ට ආපු හරූගෙ ඇස් වලට ආපහු කදුලු පිරුනෙ එ ගරා වැටුනු ගේ දැක්කහමයි . අබලන් වෙච්චි වහලෙකුත් එක්ක දුර්වර්න වෙලා ගියපු බිත්ති වලින් නැගි සිටිය එ කුඩා නිවසෙහි මනුස්සයෙකුට සිටිය හැකි දැයි හරූට එක මොහොතකට හිතුනා .
ගත්ත බඩු ටිකත් අරගෙන නිවස දෙසට ඇවිදන් ගියපු අකි ට තෙරුනා හරූ එයාගෙ පස්සෙන් ආවෙ නැහැ කියලා .
" හරූ ..... ඔයා ගෙ ඇතුලට එනවද ..... මං ඔයාට කොපි එකක් හදලා දෙන්නද ..... "
අකි ගෙ කට හඩින් ආපහු සිහියට ආපු හරූ අකි ගාවට ඇවිදන් ගිහින් අකිගෙ අතෙ තිබ්බ බඩු ටිකත් ගත්තෙ ගෙට යමුයි කියාගෙන .
එ ගෙදර කුඩා ප්‍රමාණයෙ සාලෙකුත්, සාලෙම කොටසක් වෙන් කරල හදල තිබ්බ පුංචි කුස්සියකිනුත්, කුඩා කාමර දෙකක් සහ නාන කාමරයකින් සමන්විත වුනා .
ගෙනාපු බඩු ටිකත් නිවස මැද තියෙන කුඩා මෙසෙ උඩින් තියපු හරූ නිවස වටෙටම ඇස් අරන් ගියා . අකිගෙ නිවස පිටතින් ගරා වැටිලා වගෙ පෙනුනට ඇතුලින් එ තරම්ම නරක ස්වභාවයක් පෙනුනෙ නැ . ගෘහ භාණ්ඩ කියල තිබ්බෙ මෙසෙකුත් පුටු කිහිපයකුත් පමනයි .
හරූ එහෙම ඉදිද්දි අම්මට බෙහෙත් ටිකත් දිලා ආපු අකි එයාගෙ පුංචි කුස්සියට ගිහින් කොපි හදන්න පටන් ගත්තා . අකි ගාවට ඇවිදන් ගියපු හරූ බිත්තියට හේත්තු වෙලා අකි දිහා බලන් හිටියෙ පුදුමින් .
" අකි ....... ඔයාට පුලුවන් ද මෙවා කරන්න ..... "
" හ්ම්ම් ඔව් ..... කෝපි විතරක් නෙවෙයි මට උයන්නත් පුලුවන් ...... අම්මා අසනිප වෙච්චි දවසට උයන්නෙ මං ..... "
හරූට පුදුමයක් දැනුනෙ ඇත්තටම ඇස් පෙන්නැති කෙනෙක් මෙවා කොහොමද කරගන්නෙ කියලා . හරූගෙන් සද්දයක් නැති වෙද්දි අකි ආපහු කතා කරන්න පටන් ගත්තා .
" හරූ .... ඔයා දන්නවද .... මෙ කේතලෙට මං අත ඔනි තරම් පුච්චගෙන ඇති .... එලවලු කපද්දි ඇගිලිවල මස් කැලිත් එක්ක කපල තියෙනවා .... සමහර දවසට මගෙ ඇගිලි දහයෙම ප්ලාස්ටර් වලින් පිරිලා .... එත් මං ටික ටික එ හැම දේටම පුරුදු වුනා .... අම්මා මට මතක ඇති කාලෙ ඉදලම ලෙඩින් .... එයාට ගොඩක් වෙලා හිටන් ඉන්න අමාරුයි .... එයා ස්නායු ලෙඩෙක් .... එහෙම දුක් විදින මගෙ අම්මට මට තව දුක් දෙන්න ඔනෙ නැති නිසාම මං මේ හැම දෙයක්ම පුරුදු වුනා .... මං පොඩි බව ඇත්ත ..... එත් මට හැමදේම අතඇරලා දාන්න බැහැ ..... මං ජිවත් වෙන්න ඉගෙන ගත්තා ..... මට රස්සාවක් හොයාගන්න බැරි වුන එකටයි මං අදටත් දුක් වෙන්නෙ .... මගෙ එක අඩුපාඩුවක් නිසා හැමොම මාව එලවල දැම්මා .... අන්තිමට මට ඉතුරු වුනෙ පාරෙ සිංදු කියන එක විතරයි .... මගෙ ස්කොලෙ සංගිත ටිචගෙන් තැග්ගක් විදියට හම්බුන ගිටාර් එකත් අරන් මං චෙරි ගහ යටට වෙලා සිංදු කියනවා .... මං ඒක ගොඩක් ආසාවෙන් සතුටින් කරන්නෙ ..... එකෙන් පොඩි මුදලක් ලැබුනත් එක මටයි අම්මටයි ජිවත් වෙන්න හොඳටම ඇති වුනා .... එත් අද ..... "
YOU ARE READING
𝕊pring ℂame 𝕋o 𝔸 ℂold ℍeart (Completed)
Short Storyනිල් ඇස් දෙකක් හොයන් යන එක ආදරවන්තයෙක්.... අදුරේ උන්නු ජිවිතේකට එලිය ලබාදුන් එක සුර සුතයෙක්.... සීතල හදවතකට වසන්තය අරන් ආපු පුංචි කුමාරයෙක්.... අසම්මත වුනත් ආදරෙන් වෙලුනු හදවත් දෙකක්.... සතුටත් දුකත් මැදිවු ආදර කතාවක්........ ...