🥀🕸 PART 1 🕸🥀

6 1 0
                                    

Taehyung Pov

Jaehyon මමාගෙ පුතා සහ මගේ දුරින් සහෝදරෙක් වන jiminගේ ගොවිපෙළේ නිවාඩුවක් ගත කිරීම සදහා මම පිටත් වුනා.

මම Plane එකෙන් බහිද්දිම Jaehyon මාමායි ජීමිනුයි මාව පිළිගන්න Airport එකට ඇවිල්ලා හිටියා . එතන ඉදන් Farm එකට යනකන් එයාලා මාව අරගෙන එක්කගෙන ගියේ එයාලගෙ Truck එකෙන්.

ඒ Farm එක තිබුණෙ Airport එකේ ඉදන් 100km විතර දුරකින්. කදු පාමුලක් මැද හුදකලා තැනක තිබුන ඒ Farm එක ඇත්තටම නිසංසල තැනක්. ඒ ළග පාතක තව Farm එකක්වත් ගෙයක් වත් තිබුනෙ නෑ.

සති දෙකක Summer vacation එක මං ඒ Farm එකේ ඉන්නෝන කියලා තීරණය කලේ මගෙ අම්මයි තාත්තයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සති දෙකක Summer vacation එක මං ඒ Farm එකේ ඉන්නෝන කියලා තීරණය කලේ මගෙ අම්මයි තාත්තයි. එහෙම නැතුව මට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ මෙහෙ එන්න.

නගරෙ ළමයෙක් වෙන මම මීට කලින් කවදාවත්ම ගොවිපොළක ඉදලා නෑ. මගේ කාලේ හැමතිස්සෙම ගෙවුනෙ ලොකු Building , Cars , Bus , කොන්ක්‍රීට් තාප්ප , Computer වගේ දේවල් එක්ක.

"අපිට මේ දවස් ටික නියමෙට ගත කරන්න පුලුවන් " truck එක ඇතුලෙදී jimin කිව්වා.

" ඇත්තෙන්ම ඔව් jimin.....! මටත් හරි සතුටුයි මෙහෙ එන්න ලැබුනට. අපිට හොදට විනෝද වෙන්න පුලුවන් ." මමත් සුහදශීලී විදියට උත්තර දුන්නා.

ඒ වුනාට මගේ යටිහිත කිව්වෙ මේ ගමන එන්නෙ නැතුව ගෙදර නැවතුණා නම් හොදයි කියලා. ඒ තරමට මම හිටිය Seoul නුවර හරිම අපූර්වත්වයකින් පිරුණු එකක්. Seoul වල Computer එකක් නැති තැනක් නෑ.

Computer එකේ වැඩ ගැන තියෙන දක්ෂකම නිසාම සමහර ළමයි මට කිව්වෙ කම්පියුටරයා කියලයි. ඒ තරමටම මං Computer වැඩ වලට දක්ෂයි.

𝚃 𝙷 𝙴   𝙰 𝙽 𝙸 𝙼 𝙰 𝙻   𝚁 𝙴 𝙱 𝙴 𝙻 𝙻 𝙸 𝙾 𝙽Where stories live. Discover now