part 4

3.1K 560 113
                                    

ජිමින් අඬ අඬම එයාගේ ගෙදර යද්දි ජන්කුක් කඳුලු පිහිදගෙන ගෙදර ආවාත් ගෙදර කවුරුත් දකින්න කලින් ජන්කුක් කෙලින්ම ගියේ එයාගේ කාමරේට....

🐰: එයා මට බැන්න එකට මට දුකයි නේ......

ජන්කුක්ට තිබ්බ ප්‍රශ්නේ ඒක....

ජන්කුක් ටේට බයට නෙමෙයි ඇඬුවේ....

එයා ඇඬුවේ ටේ එයාට බැන්න එකට....

ටිකකින් ඔම්මා රෑ කෑමට පල්ලේහාට එන්න කියලා ජන්කුක්ට කතා කරද්දි ජන්කුකුත් මුහුන පොඩ්ඩක් හෝදගෙන පල්ලේහාට ගිහින් කෑම කෑවා...

වෙනදාට ලඟ හිටියොත් වලියටම එන ජන්කුක් අද නිහඬවම කෑම කන දිහා ජින් බලන් හිටියේ කුතුහලයෙන්....

කොච්චර රණ්ඩු උනාත් ජින්ගේ හැමදේම තමා එයාගේ මල්ලි..ඉතිං ජන්කුක්ගේ පොඩි වෙනසත් ඔම්මා අප්පාට වඩා හොදට ජින් දන්නවා....

ජන්කුක්ටත් එහෙමම තමා...හියුන්ග්ම තමා හැමදේම....

ඉක්මනින් කෑම කාලා ජන්කුක් මුකුත් නොකියා එයාගේ කාමරේට යද්දි ජිනුත් ඒ පස්සෙන් ගිහින් දොරට කොච්චර ගැහුව්වාත් ජන්කුක් නෙමෙයි දොර ඇරියේ....

සමහරවිට ජන්කුක් නිදිමතේ ඉන්න ඇත්තෙ කියලා හිතපු ජින් විනාඩි පහකට විතර පස්සේ ජන්කුක්ගේ දොර ගාවින් ගියේ එයාට අයිති කාමරේට...

එත් ජන්කුක් හිටියේ හොඳට ඇස් දෙක ඇරගෙන එයාගේ ඇඳ උඩ බර කල්පනාවක වැටිලා......

🐰: ඇයි කවුරු බැන්නත් අඬන්නේ නැති මම ආඩම්බරකාර හියුන්ග් බැන්නාම ඇඬුවේ...හම්මේ එයාගෙ perfume එක හරි සූඳයි...එයා ඇත්තටම පොලිසියේ ? අයිශ් ජනාධිපති උනත් මට මොකො..... එත් එයාව දකින හැමසැරේම ඇයි මගේ heart එක සද්දෙන් ගැහෙන්නෙ..... මට ලෙඩක් වත් ? Omoo මට heart Attack හැදෙන්නද යන්නේ....බැහැ බැහැ මට දැන්ම මැරෙන්න බැහැ....

Stranger next door ( Completed ✅)Where stories live. Discover now