part 5

3.2K 538 49
                                    

නම්ජින් දෙන්නාගේ කතාව එහෙම ආරම්භ වෙද්දි ගෙදර ආපු ජන්කුක් කල්පනා කරන්න ගත්තේ නම්ජුන් උදේ ටේ ගැන කිව්ව කතාව.....

🐰: ටෙටේ හියුන්ගී තමාත් ගැහැනු ලමයාට ආදරේයි නම් එයා මට කැමති වෙන එකක් නැහැ නේ....

කියලා තමාටම මුමුන ගත්ත ජන්කුක් දවසේ විසි වෙනි පාරටත් තමන්ගේ ඇස් දෙකෙ පිරිලා තිබ්බ කඳුලු ටික පිට අත්ලෙන් පිහිදලා දැම්මා....

ජන්කුක්ගේ හිතේ හැමවේලාවෙම තිබ්බේ ඔය ටික විතරයි....

නම්ජුනගේ වචන මතක් කරන කරන සැරයක් ගානේ ජන්කුක්ගේ ඇස් වලට කදුලු පිරෙන්නේ එයාවත් නොදැනුවත්ව....

ගැඹුරු කල්පනාවක වැටීගෙන ටේ ගැන හිත හිත හිටිය ජන්කුක් හරි සිහියට ආවේ එක පාරම පියානෝ ගහන සද්දයක් ඇහුන එකෙන්....

සද්දේ ඇහෙන පැත්තට හිමින් අඩි තිය තිය ගිය ජන්කුක් අන්තිමට නැවතුනේ එයාගේ බැල්කනි එක ලඟ....

ජන්කුක්ට පියානෝ එක ගහනවා ඇහුනේ ටේගේ ගෙදර ඇතුලෙන්......

යාන්තම් පොද ගහන වෙලාවෙ ඒ වගේ සංගීතයක් ඇහෙද්දි ජන්කුක්ගේ කලබල වෙලා තිබ්බ හිත නිකන්මයි සංසුන් වෙලා ගියේ.....

ලඟ තිබ්බ පුටුව උඩින් ඉද ගන්න ගමන් බිත්තියට ඔලුව තියා ගත්ත ජන්කුක් ඇස් දෙක වහගෙනම ඒ මිහිරි සංගීතේ අහගෙන හිටියා....

_____________________________

🐹: කුක් නැඟිටින්න...අනේ අම්මපා අච්චර හොඳ ඇඳක් තියාගෙන නේ මෙතන වකුටු ගැහිලා නිදාගෙන්න ඉන්නෙ......නැඟිටින්න කුක්....

කියලා ජින් ජන්කුක්ගේ උරහිසෙන් අල්ලලා හොලවද්දි ජන්කුක් ඈනූම් අරින ගමන් හිමින් ඇස් ඇරියා.......

හවස් වරුවේ බැල්කනි එකට ආපු ජන්කුක්ට පියානෝ වාදනේ එක්ක දන්නෙම නැතුව පුටුවේම නින්ද ගිහින්....

🐰: මට නින්ද ගියානේ හියුන්ග්....

කියන ගමන් තමන්ගේ ඇස් පිහිදපු ජන්කුක් ඉදගෙන හිටිය පුටුවෙන් නැඟිට්ටා...

Stranger next door ( Completed ✅)Where stories live. Discover now