පැය ගානක් මගේ ජීහුගෙ සොහොන් කොත බදාගෙන අඬපු මම ගෙදර ආවෙ හොඳටම හෙම්බත් වෙලා.
මට දැනුනෙ මාවම ගල් වෙලා වගේ. සමහර විට සෙරෙප්පු දෙකක්වත් නැතුව එළියෙ හිටපු නිසා වෙන්නැති.
ඒත් මගේ හිතේ පත්තුවෙන ගින්න ??
ඒක නිවන්න පුළුවන් ඔයාට විතරයි මැණික. කොහොමද මෙහෙම දෙයක් කරගත්තෙ ?
ඒත් එක්කම වගේ ඩෝර් බෙල් එක රින්ග් උනු නිසා තමයි මට යුන්ගිව මතක් උනේ ?
ඌට මේවා කියන්න බෑ මට. මං ඉන්න විදිහ දැක්කොත් අනිවාර්යයෙන්ම යුන්ගිට හැමදෙයක්ම කියන්න වෙනවා කියලා දන්න නිසාම ඉක්මනට මූණ හෝදගත්තු මම ටවල් එකෙන් මූණ පිහදාන ගමන්ම ගිහින් දොර ඇරියෙ යුන්ගි මං දිහා පිස්සෙක් දිහා බලන විදිහට බලාගෙන ඉද්දි.
" නොදකින් මූසලයා. තෝ දැන්ද නැගිට්ටෙ ?? "
මං මූසලයි තමයි බන්. මට බැරි උනා මගේ මැණිකව බේරගන්න. මට මගේ නින්ද ලොකු උනා ඒ කෙල්ලගෙ ජීවිතේට වඩා. ඉතින් කොහොමද මං මූසල නෑ කියන්නෙ ?
මට යුන්ගි ඉස්සරහා කෑ ගහලා අඬන්න ඕනි උනා. මගේ වේදනාව පිටකරන්න ඕනි උනා.
ඒත්, මට මතක් උනේ මගේ මැණිකව. අච්චර ප්රශ්න ගොඩක් හිතේ තියාගෙනත් ඒ කෙල්ල ලෝකෙට පේන්න හිනාවුනානම් ඇයි මට ඒක කරන්න බැරි ?
මං නිසා තව කෙනෙක් දුක්විඳින්න ඕන්නෑ කොහොමටවත්ම.
" ඔව් මිනිහො. තෝ වගේ දරු පවුල් කාරයෙක් නෙමෙයිනෙ මන්. "
මං මවාගත්තු ඈනුමක් පිටකරේ යුන්ගිට මගේ වෙනස පෙන්නන්න ඕන්නැති නිසා.
" දරුවො නෑ මිනිහො තාම. "
" දරුවො නැති උනාට පවුලක් ඉන්නවනෙ. වරෙන් ඇතුළට. "
මං එහෙම කියලා ගිහින් සෝෆා එකෙන් වාඩි උනේ යුන්ගිත් ගේ ඇතුළට එද්දි.
මේ බොරුව කරන්න හෙන අමාරුයි බන්.
🖤~ ƒℓαsнвαcк єท∂ ~🤍
YOU ARE READING
ONE WORD | COMPLETED
Fanfictionපිටට පේන්න හිනාවෙලා ඉන්න හැම කෙනෙක්ගෙම ජීවිත ලස්සන නෑ. ගොඩක් අය රඟපානවා!! 2021.10.29