part 7

2.8K 511 23
                                    

දින කිහිපයක් හැමදේම හොදින් සිද්ද උනා....

නම්ජින් දෙන්නාත් යුන්මින් දෙන්නාත් හරිම ආදරේන් කාලේ ගත කරන්න පටන් ගත්තා....

ජින් නම්ජුන්ගේ මාර්ගෙන් යුන්ගිව අඳුර ගද්දි යුන්ගිගේ මාර්ගෙන් ජිමින් නම්ජුන්වත් අඳුර ගත්තා.....

දැන් ඒ හය දෙනාම හොඳ යාලුවෝ....

ඒ අතර ජන්කුක්ට ලොකු උවමනාවක් තිබ්බා එයාගේ හිතේ තියන දේ ටේට කියන්නත්..එත් එයා ඒකට බය උනා....

ජින් වගේම ජිමිනුත් එයාලාගේ පෙම්වතුන් එක්ක ආදරේ විදිනවා දකිද්දි ජන්කුක්ටත් ඒ දේ ටේත් එක්ක විදින්න ඔනී කරා....

යුන්ගි වගේම නම්ජුනුත් වැඩි කල් යන්න කලින්ම දැන ගත්තා ජන්කුක්ගේ හිතේ ටේ ගැන තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා...

ටේ දැන් යම්තාක් දුරට හොරෙන් අඬන එක නවත්තලා කියලා දැන ගත්ත නිසා ‍යූන්ගී සති දෙකකට විතර පස්සේ එයා නැවතිලා ඉන්න ගෙදරට ආවාත් හැම හවසකම ටේගේ ගෙදරට යන්නේ ජිමින්ව බලන්නයි ජිමින්ව ගෙදර ගිහින් බස්සනයි....

එදාත් යුන්ගි ටේගේ ගෙදර ඇවිත් ජිමින්වත් බස්සගෙන යන්න ඔනී කියලා ගෙදරින් පිටත් වෙලා ගියා....

ටේ බියර් බෝතල් දෙකකුයි snacks ටිකක් එක්කයි සාලේ සෝෆා එකේන් වාඩි උනේ ඒ එයාගේ රෑ කෑම නිසා....

උයන්නෙ දන්නෙ නැති ටේ යුන්ගි ගියපු දවසේ ඉදන් තනියම ඉන්න නිසා ඒවා වලින් බඩ පුරෝ ගත්තේ....

තමන්ගේ අතේ තිබ්බ එක බියර් බෝතලයක් කඩන ගමන් එකේ උගුරු දෙකක් බීපූ ටේ ගැස්සිලා ගියේ එයාගේ නම කෑගහගෙන ජන්කුක් ගෙදරට ආපූ නිසා....

🐰: ටෙටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්......!!!

🐯: ඇයි කෑගහන්නේ කුකී...?

🐰: හීහී නිකන් අනේ....

කියලා හිනාවක් දාපු ජන්කුක් මුකුත් නොවුන ගානටම ඇවිත් ටේගේ එහා පැත්තෙන් ඉද ගත්තා....

ඔය අතරේයි ජන්කුක් දැක්කේ ටේගේ කොෆි ටේබල් එක උඩ දිලිසි දිලිසි තියෙන බෝතලේ....

Stranger next door ( Completed ✅)Where stories live. Discover now