part 10

2.8K 506 21
                                    

බෙන්ච් එකේ හිටිය කෙල්ල තම පෙම්වතාව සිප ගෙන අවසන් උන ගමන් පෙම්වතාගෙන් ඈත් උනා...

එත් ඒ කෙල්ලගේ මුහුන දැක්ක ටේට දැනුනේ එයාගේ මුලු ලෝකේම අඳුරු වෙලා යනවා වගේයි....

" ඒ.......එයා....මගේ ජෙනී"

පණ නැති කකුල් වලට ටිකක් වාරු දුන්න ටේ කලින් ඉරි තැලිලා ගියාත් දැන් සම්පුර්ණයෙන්ම බිඳිලා තියෙන හදවතත් එක්ක ගෑටුවේ ජෙනී ඉන්න බෙන්ච් එක ලඟට.....

බෙන්ච් එක ඉස්සරහ හිට ගත්ත ටේ...

🐯:....ජෙ..ජෙනී...?

පුරුදු කට හඬක් පිටිපස්සෙන් ඇහෙනවා එක්කම ජෙනී ඒ පැත්තට ඔලුව හැරෙව්වා....

බෙන්ච් එක ඉස්සරහ හුඟාක් අසරණව තමන් දිහා බලාගෙන ඉන්න ටේව දැක්ක ජෙනී එයාව ගනන්වත් ගන්නේ නැතුව ටේට කතා කරා.....

🌸: තමුසේ කවුද?

🐯: ජෙනී...ජෙනී ඇයි මැණික මාව අඳුරන්නෙ නැහැ වගේ කතා කරන්නේ...කවුද මේ කොල්ලා....

🌸: මේ mr...මං තමුසේව අඳුරන්නේ නැහැ...අනික මේ ඉන්නේ මගේ boyfriend .....

ඉදගෙන හිටිය තැනින් නැඟිටින ගමන් ජෙනී එහෙම කිව්වේ ටේව එක වැලි කැටේකටවත් මායිම් නොකර....

මේ දෙන්නාගේ කතාව අහගෙන හිටිය පෙනුමෙන් සල්ලිකාරෙක් වගේ ඉන්න අනිත් පිරිමි කෙනාත් බෙන්ච් එකෙන් නැඟිටින ගමන් ටේගේ පැත්තට හැරුනා....

🐞: darling කවුද මේ boy? ඔයා කලින් මෙයාව අඳුරනවා ?

🌸: අනේ babe... මේ වගේ හිඟන මිනිස්සුන්ව මං වගේ එක්කෙනෙක් ආශ්‍රය කරයි කියලා ඔයා හිතනවාද ? කොහිද යන පිස්සෙක්......

කියලා ජෙනී ටේගේ ඇස් ඉස්සරහම අනිත් කොල්ලාව ආයේ පාරක් සිප ගත්තා....

ටේටත් නොදැනුවත්ව ටේගේ ඇස් වලින් කඳුලු එකපිට ගලාගෙන යද්දි එයා ඉක්මනින් අහක බලා ගත්තේ අවුරුදු දෙකකට කලින් ටේගේම විතරයි කිව්ව ජෙනීගේ තොල් අද එයා ඉස්සරහම වෙන කෙනෙක් සිප ගන්න හැටි දැකලා....

Stranger next door ( Completed ✅)Where stories live. Discover now