part 12

2.9K 501 123
                                    

එදා සිද්දියෙන් පස්සේ ටේ හුඟාක් ජන්කුක්ව මඟ හැරියා...

ටේ ඇත්තටම ජන්කුක්ව මඟ හැරියේ ජන්කුක්ට මුහුන දෙන්න බැරිකම නිසා....

ජන්කුක් උදේට කොලේජ් යන්න නැඟිටින්න කලින් ගෙදරින් එලියට බහින ටේ ආයේ ගෙදර ආවේ හුඟාක් රෑ වෙලා....

එත් ජන්කුක් නම් ටේගේ පස්සෙන් එන එක නැවැත්තුවේ නැහැ...

හැමදාම ටෙටේ හියුන්ග් කිය කිය පස්සෙන් එන ජන්කුක්ට දැන් ටේ කම්මුලට ගහපු එකක්වත් මතක නැහැ....

ටේ එයාගේ කලින් ආදරේ ජෙනීව සම්පුර්ණයෙන් අමතක කරලා දැම්මා.......

එදා ජෙනී කිව්ව වචන, ඇස් ඉස්සරහ උන දේවල් ඔක්කොම හැමදාමත් ටේගේ හදවතේ සදහන් උනා....

ඒවගේම ටේ තීරණේ කරා ආයේ ආදරේ නොකරන්න....

ජන්කුක් වගේ අහිංසක ලමයෙක්ට ටේ එදා කරපු දේ නිසා ටේට ඔනී උනේ නැහැ ජන්කුක් ගැනවත් හැඟීම් ඇති කර ගන්න...

ටේ හැමවේලාවෙම හිතුවේ ජන්කුක්ගේ හිතේ තමන් ගැන තියෙන අදහස් අයින් කරන්න පුලුවන් ක්‍රමයක් විතරයි...

එත් ටේ නොදන්න එක දෙයක් වෙලා තිබ්බා....

ඒ ටේගේ මුරණ්ඩු හිත ටේටත් හොරා ආයේ කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන් කියන එක.....

ඒක ටේට තේරුම් ගන්න ඇත්තටම බැරි උනා...

එයා හිතුවේම ජන්කුක් ඉස්සරහ දැනෙන හැමදේම හියුන්ග් කෙනෙක් විදිහට එයාට දැනෙන දේවල් විතරයි කියලා...

ඔය විදිහට හරියටම මාසයක කාලයක් ගෙවිලා ගියා....

( මාසේකට පසූ....🌈️)

එදා ටේ නිවාඩු දවසක් නිසා දවසේම ගෙදරට වෙලා ඉන්නයි එයා තීරණේ කරේ.......

එත් දවල් වරුවේ ගෙදර බෙල් එක වැදුන එකෙන් ටේ කෙලින්ම හැරුනේ ඔරලොසුව තියෙන පැත්තට....

ඔව් ඒ අනිවාර්යයෙන්ම ජන්කුක් වෙන්න ඔනී........

ටේ හිතුවේ එහෙම...

දොර ලඟට ගියපු ටේ දොර ඇරියේ හිනාවක් මුහුනේ ඇඳගෙන උනාත් දොර ඉස්සරහ හිටගෙන ඉන්න කෙනාව දැක්ක ටේගේ මුහුනේ කලින් තිබ්බ හිනාව නැති වෙලා ගියේ නිකන්මයි....

Stranger next door ( Completed ✅)Where stories live. Discover now