ටේගේ ගෙදරින් එලියට ආපු ජන්කුක් කෙලින්ම ඇවිදගෙන ගියේ ජිමින්ගේ ගෙදරට....
එයාට යාලුවෙක්ට කියලා ජිමින්ට විතරයි හැමදේම කියන්න පුලුවන් උනේ....
පාර දිඟේ අඬ අඬ යන ජන්කුක් දිහා මිනිස්සු බලාගෙන ගියාත් ජන්කුක්ට ඒ කිසිම දෙයක් වැඩක් උනේ නැහැ....
ජිමින්ගේ ගෙදරට ආපු ජන්කුක් එහෙමම දොරේ බෙල් එක ගහලා බලාගෙන හිටියේ කවුරුහරි දොර අරිනකන්...
ටිකකින් ජිමින්ගේ ඔම්මා දොර ඇරලා ඇවිත් ඉන්න එක්කෙනාට කතා කරන්න ගියාත් එයා එහෙමම කට වහ ගත්තේ ජන්කුක්ගේ රතු වෙලා තිබ්බ මුහුන දැකල....
අහක බලාගෙනම ජිමින් කොහෙද කියලා අහපු ජන්කුක් ගෙදරට ඇතුල් වෙලා කෙලින්ම ගියේ ජිමින්ගේ කාමරේට....
කොලේජ් එකේ වැඩ වගයක් සම්පුර්ණ කර කර හිටිය ජිමින් දොර පැත්තට හැරෙද්දි දැක්කේ දොර ඉස්සරහ හුඟාක් අසරණ විදිහට එයා දිහා බලන් ඉන්න ජන්කුක්වයි.....
🐥: කුක්?...මොකෝ මේ...
🐰: මුකුත් නැහැ...ජිමිනී...
🐥: එන්නකෝ ඇතුලට...
කියලා තමන්ගේ පුටුවෙන් නැඟිට්ට ජිමින් කාමරේ දොරත් වහලා ජන්කුක්ව අතින් අල්ලගෙන ඇඳ ලඟට එක්කගෙන ආවා....
🐥: මොකද උනේ කුක්...ඇයි මේ මුහුන රතු වෙලා...ජින් හියුන්ග් එක්ක රණ්ඩු කරලා ඔම්මා ගැහුව්වා ද?
🐰: එහෙම මුකුත් නැහැ ජිමිනී...මගේ ගෙදර කට්ටිය කවදාවත් මාව එච්චර රි..රිද්දන්නේ නැ..නැහැ ජි..ජිමිනී...
කියලා ජන්කුක් කියන්න ගත්තාත් අවසාන වාක්‍ය කිහිපය කියන්න යද්දිම ජන්කුක්ට ආයේම සැරයක් ඇඬුනා....
ජන්කුක්ගේ ඔලුවෙන් අල්ලලා තමන්ගේ උරහිසට හේත්තු කර ගත්ත ජිමින් ජන්කුක්ගේ ඔලුව අත ගාන ගමන්....
YOU ARE READING
Stranger next door ( Completed ✅)
Fanfiction" ටේ...ටේටේ හියුන්ග් ඇ...ඇයි අපිට ආදරේ ක..කරන්න බැරි.." -𝙟𝙚𝙤𝙣 𝙟𝙪𝙣𝙜𝙠𝙤𝙤𝙠- "එක, ඔයා පොඩි ලමෙක්..එතකොට දෙක මට ආයේ ආදරේ කරන්න ඔනී නැහැ...මං ආදරේට වෛර කරනවා" ...