part 1

282 73 8
                                    

අප්පා.....ඔම්මා............එන්ඩෝඕඕඕඕ"

"ඇයි චිමි කැ ගහන්නේ?"
(කවුද බලනවද කෑ ගහන්නෙ? මේ ඉන්නෙ පාර්ක් පවුලෙ චන්ඩියා...දෙයක් ඕන උනොත් කොහොම හරි ලබා ගන්න ඔම්මා අප්පගෙ හුරුතලා.....පවුලේ බඩපිස්සා...මෙයාට තව අක්කා කෙනෙක් ඉන්නවා එයා මැරි කරලා සෝල් වල ඉන්නේ)

එක පාරට ඇහුන ජිමින්ගෙ සද්දෙ නිසා මිසිස් පාක් දුවන් ආවෙ හැන්දත් අතේ අරන්.එතකොට මිස්ට පාක් ජිමින්ගෙ අප්පා එයා ආවේ ශර්ට් එකක් බාගෙට ඇද ඇද..ඒ තරමට ජිමින්ගෙ කැ ගැහිල්ල ප්‍රබලයි

"ඔම්මා මන් සෝල් කැම්පස් සිලෙක්ට් වෙලා.....අපේ කොලෙජ් එකෙන් පලවෙනියා මන්....."

"අපි දැනන් හිටියනෙ බේබි ඔයා ඒක කරනවා කියලා.අපිට ගොඩක් ආඩම්බරයි ඔයා ගැන."

මිසිස් පාර්ක් එහෙම කියලා ජිමින්ව බදා ගත්තෙ ඇස් වල කදුලුත් පුරවන්...ටික වෙලාවක් අම්මයි පුතයි දිහා බලන් හිටපු මිස්ට පාර්ක්තුත් ඇවිත් දෙන්නව බදා ගත්තෙ ඒ ඉන්නෙ එයාගෙ ලෝකෙම නිසා....

"මටත් ගොඩක් ආඩම්බරයි චිම් ඔයා ගැන..මගෙ පුතා දක්ශයා කියලා මන් දැනන් හිටියා..."

"මන් තව මාස දෙකකින් සෝල් යනවා අප්පා...මට හිතා ගන්න බෑ....මගේ හීනෙ හැබෑ කර ගන්න මට තව ටික දුරයි තියෙන්නෙ...."

"ඒත් පුතු ඔයාට ඔම්මා අප්පා නැතුව සෝල් ගිහින් ඉන්න පුලුවන්ද? තනියම ජීවත් වෙන එක හිතන තරම් ලේසි නැ පුතු.."
ජිමින් සෝල් යනවා කියලා කිවුවම මිසිස් පාර්ක් අඩන්න පටන් ගත්තා.ඇත්තම කිවුවොත් ඇඩුවා නෙමෙයි ඇඩුනා.පොඩි කාලෙ ඉදන්ම ජිමින්ගෙ අක්කට වඩා ඔම්මා අප්පා ආදරෙ කරේ ජිමින්ට.. එකයි බිස්නස් බන්කොලොත් උන වෙලාවෙ ජිමින්ගෙ අක්කාව බිස්නස් ප්‍රපෝසල් එකකින් බන්දලා දුන්නෙත්..ඒකට ජිමින්ගෙ අක්කා ඔම්මා අප්පා එක්ක තරහ උනත් එයා කවදාවත් ජිමින්ට වයිර කරෙ නෑ.ඒ හැමෝගෙම හුරතලේ උනේ ජිමින්..

ගෙදර දෙකක් කරන්න ඔම්මා අක්කා එක්ක රන්ඩු කරන්න එක එක දග වැඩ කරලා අප්පව කේන්ති ගස්සවන්න ඒ පවුලටම හිටියෙ ජිමින් විතරයි...

කොටින්ම කියනවා නම් ජිමින් කියන්නෙ තනිකර දග මල්ලක්..

"මන් දන්නවා ඔම්මා ඒක.ඒත් මන් ඒ දේවල් වලටත් පුරුදු වෙන්න ඕනනේ? ඒක මට වෙනස්ම අත්දැකීමක් වේවි සමහර විට..හැමදාම ඔයාලා එක්ක බබා වගෙ ඉන්න බෑනේ ඔම්මා තේරුම් ගන්නකෝ....අප්පා අනේ කියන්නකො ඔම්මට"

ජිමින් කොච්චර දග වැඩ කරත් එයාට බලන්න බැරි දෙයක් තියේ ඒ ඔම්මාගෙ අප්පගෙ අක්කගෙ කදුලු....හැබැයි ඉතින් ඒ කදුලු ඉස්සරහා එයාගෙ කදුලු පෙන්නලා එයාට ඕන දෙ කර ගන්නත් ජිමින් හරි දක්ශයි...

"මේ වෙලාවෙ අඩන්න එපා නොනේ..අපේ පුතුගෙ සතුටත් නැතිවෙනවනේ ඔයා ඔහොම අඩනකොට..අනික දෝනි ඉන්නෙත් සෝල් වලමනේ.එයා ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑනේ...ඕවා ගැන දැන්ම හිතන්න එපා නෝනේ.."

"හරි හරි අප්පලා පුතාල කියන එකක් තමා.මන් කියන දෙයක් කවුරුවත් පිලිගන් නැනේ..."

මිසිස් පාර්ක් ගස්සගෙන එතනින් යන්න හදද්දි එයාගෙ ඉස්සරහට පැනපු ජිමින් මිසිස් පාර්ක්ගෙ කම්මුල් දෙකෙන් අල්ලන් කිස් ගොඩක් මාරුවෙන් මාරුවට කම්මුල් දෙකට දීගෙන දීගෙන ගියේ මිසි පාර්ක් හයියෙන් හිනා වෙද්දී....මිසිස් පාර්ක් හිනා උනාට පස්සෙ ඒ දෙන්නා දිහා හිනා වෙවී බලන් හිටිය මිස්ට පාර්ක්ටත් කිස් එකක් දීපු ජිමින් බෑගෙ එකත් අරන් උඩට දුවල ගියා....

"එයා ගොඩක් ලොකු වෙලා නේද නෝනේ?"

"හ්ම් ඒත් මට බයයි මහත්තයා එයාව සොල් යවන්න.චන්ඩියා වගේ හිටියට තනියම මොනවත් කර ගන්න බෑ අපේ චිමීට."

"එයා කවද හිටියත් අපෙන් ඈතට යන්න ඕනනේ නොනේ.එයා දැනගන්න ඕන තනියම ජීවත් වෙන්න. මිනිස්සුන්ව කොහොමද ආශ්‍රේ කරන්න ඕන කියල එයා ඉගෙන ගන්න ඕන..ඔයා ලොක්කිට කතා කරල අහන්න ජිමින්ව නවත්ත ගන්න පුලුවන්ද කියලා..එයා මාත් එක්ක කතා කරන් නෑනේ"

"ඔයා ඒ ගැන හිතන්න එපා අනේ.දවසක ලොක්කි ඔයා එක්ක කතා කරාවි..එයාට ටික කාලයක් දෙමු අපි...."

"හ්ම්ම් මන් තවම පසු තැවෙනවා එදා ඒ තීරනෙ ගත්ත එක ගැන"

"උන දේවල් වෙලා ඉවරනේ මහත්තයා...ඔයා ඒ දේ කරේ අපි හැමෝගෙම හොදටනේ"

"ඔම්මා බඩගිනී"

මිස්ට ඇන්ඩ් මිසිස් පාර්ක්ගෙ කතාවට බාදා කරෙ ජිමින්....

"අන්න බඩගිනිලූ...මන් ගිහින් කවලා එන්නම් එයාට..ඔයා වැඩිය හිතන්න එපා මන් චිමීව කොහොම හරි ලොක්කිලයි ගෙදර නවත්ත්නන් කැමති කරව ගන්නම්"

๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬ ๬

තව කොටස් 3කින් විතර පස්සෙ වචන 1000ක විතර කොටස් දෙන්නම් හොදේ...

Happy jikook day babala💜️

my brother in lawWhere stories live. Discover now