Last Days

216 54 86
                                    

හැම දවසකම වගේ අදත් මන් නැගිටිද්දි ටේහ්‍යුන් මට පේන මානයේ හිටියේ නැහැ. එයා ඒඩ්‍රියන් එක්ක එයාගේ අම්මාව හොයන්න ගිහින් . ටික කාලෙක පුහුණු වීම් වලින් පස්සේ එයා තීරණය කරා එයා එයාගේ අම්මාව හොයන්න යන්න ඕනේ බව ,තවදුරටත් පුහුණු වීම් වලින් පලක් නැහැනේ එයාගේ අම්මාව එයාට ලැබෙන්නෙ නැත්නම්.

ටාටුස් ගේ ගුඩ් මෝර්නින් ගීතය අහලා මට හිනා ගියා. සමහර දවස් වලට මන් ඇහැරෙන තුරුම ටාටුස් සිංදු කියනවා. එයා මගේ එලාම් එක 😊 මන් ටාටුස් දිහා බලමින් හිනා වෙමින් සිතුවා. මේ ගෙදර දවල් කාලය පුරාම තනියෙම ඉන්න මට පිස්සු නොහැදී තියෙන්නෙ ටාටුස් ඉන්න නිසා තමයි. එයා ඉතින් කොයි වෙලේත් මොන මොනවා හරි කියවනවා.

ඒ දෙන්නා මොනවා කරනවාද දන්නේ නැහැ . මන් වතුර එකක් රත් කරන ගමන් හිතුවා. හ්ම්ම්.. ටේහ්‍යුන් හැමදාම  ගොඩක් රෑ වෙලා එන්නේ හොඳටම මහන්සියෙන් .  මන් හදපු දෙයක් කාලා නින්දට වැටෙන එක එයාගේ පුරුද්දක් වෙලා . ගොඩක් දවස් වලට එයාට මා එක්ක කතා කරන්න තරම්වත් ශක්තියක් නැහැ. මන් වචනයක් වත් නොකියා හිටියත් මට ඒ ගැන දැනුනේ දුකක්. එයා මගෙන් ටිකෙන් ටික ඈත් වෙන හැටි මට දරා ගන්න බැරි උනා. සමහර දවස් වලට එයාට මාව අමතක වෙලා වගෙයි හැසිරෙන්නෙ .

මටත් එයාලගේ ගවේෂණයට සහභාගි වෙන්න ඕනේ උනත් මන් ගොඩක් දුර්වල නිසා එයාලා එක්ක යන එක ඒ තරම් නුවණක්කාර වැඩක් නොවෙන්න ඇති. ඒත් ..මන් එයාගේ ආරක්ෂකයානේ මන් එයා ළගින් ඉන්න ඕනේ .. අඩුම තරමේ  මන් හිතුවෙවත් එහෙමයි.

"හ්‍යුන් අපි තාමත් හරියටම දන්නේ නැහැ  අම්මා ඉන්නෙ කොහෙද කියලා එයා ඉන්නේ කොහෙද කියලා දැනගන්නකම් ඔයා එන්න ඕනේ නැහැ. නිකම් මහන්සියක් විතරයි ඒක. "
ටේ කියපු වචන මගේ මතකයට නැගුණා.

දවසින් දවස එයා මගෙන් ඈත් වෙනවා වගේම ඒඩ්‍රියන්ට ටිකෙන් ටික ළං වෙන බව මට තේරුනා. ඒඩ්‍රියන් කියන්නේ shape shifting sliten කෙනෙක්. එයාට ඕනේ වෙලාවක ඕනම සත්ත්වයෙකු බවට හැරෙන්න පුලුවන්. ඒඩ්‍රියන් ගොඩක් වෙලාවට හිටියේ අශ්වයෙක් එහෙමත් නැත්නම් උරඟයෙක් ගේ ස්වරූපයෙන්. එයාට තිබුනේ ගොරෝසු කොරපතු සහිත හමක් . එයා අශ්වයෙක් විදිහට හිටියත් එයාගේ හම කොළ පාටට හුරු දුඹුරු පාටයි . සාමාන්‍ය අශ්වයෙක් වගෙ නෙමෙයි. ගොඩක් අය එයාලාට  යම්කිසි සත්ව විශේෂයක් වගේ සැළකුවත් ටේ එහෙම නැති බව මන් දන්නවා.

Blood And Tears Where stories live. Discover now