අතේ පත්තු වීම💥

774 92 135
                                    

ඝන මූකලානයට මැද්දෙන් වූ හමුදා කදවුර මලානික බවක් ගෙන තිබුනේ මධ්‍යම රාත්‍රීයද පසු වී තිබූ හෙයිනි. හවස් වරුවේ මදක් හයියෙන් වැස්ස නිසා ප්‍රදේශය තෙත් ස්වභාවයක් ගෙන තිබූ අතර එක් පැත්තක එළිය වැඩි පරාසයක විහිදී නොයන පරිදි සවි කළ විදුලි බල්බයක් දිස් වුනි............

.

.

එහි මදක් විශාල කදවුරක් වූ අතර කදවුරට තරමක් ඈතින් වන්නට උස් බිමක රදවා තිබූ තවත් කුඩා කූඩාරමක් තුළ වූයේ බොහෝ කලකින් පසුව වැඩ බැලීම සදහා මෙම ප්‍රදේශයට අරක් ගත් හමුදාපති නැම්ජූන් සහ ඔහු පැමිණීමට පෙර මෙහි ප්‍රධානි වූ කැප්ටන් ජින් ය............. ඔවුන්ව ද මෙම අවස්ථාවේ නිදි දෙව්දුව විසින් වැලදගෙන ඇති වෙන්නට පුලුවන............

.

පහළ වූ එක් කදවුරක් තුළ ජන්කුක්,ජිමින්,ටේහ්‍යුන් යන ලාබාල නමුත් අති දක්ෂ සෙබළුන් තිදෙනා ද දහවල් වරුවේ බොහෝ මහන්සි වී සිටි හෙයින් මේ අවස්ථාවේ නින්දෙන් අගහරුවලටම ගොස් ඇත............ ඒ කූඩාරමට තවත් ඈතින් වූ තවත් කූඩාරමක් තුළ වූයේ ජැක්සන්,ටේමින්, බෙක්හ්‍යුන්ග්,කායි යන දක්ෂ කොමාන්ඩෝ භටයන් හතර දෙනෙකු වන අතර ඔවුන්ව ද මේ අවස්ථාවේ නිදි දෙව්දුව විසින් වැළදගෙන ඇති අතර ඔවුන් ද ඒ දෙව්දුව සමග ප්‍රේම කරමින් සිටියි............

එම නිසා රාත්‍රී රාජකාරි පැවරී තිබුනේ ජන්ග් හෝසෝක් හා මින් යූන්ගි යන තවත් අති දක්ෂ සෙබළුන් දෙදෙනෙකුටයි................ කදවුරේ ආරක්ෂාවට ඔවුන්ව වැඩට යොදවා සිටි අතර ඔවුන්ට පැවරුනු රාජකාරිය වූයේ සතුරන්ගෙන් කිසියම් උවදුරක් අත ළග බව දැනුනු වහාම අනෙක් අයට දැනුම් දීමටයි.....................

.

.

කෙසේ හෝ මොවුන් දෙදෙනාට රාත්‍රී රාජකාරි ලබා දුන් කෙනෙක් වේ නම් සමහරක් විටෙක ඔහුට මොවුන් පිළිබඳව එතරම් දැනීමක් නොමැති අයෙකු හෝ මන්ද මානසික අයෙකු වුව ද විය හැක.........................

.

.

කදවුරේ සිටින ඕනෑම අයෙකු හොදින්ම දන්නා කරුණක් වූයේ පූසෙකුගේ රුවක් සහිත දක්ෂ හමුදාවරයෙකු වූ මින් යූන්ගි හමුදා සේවයට වඩා දක්ෂ යමක් ඇති බවයි..............

What Happened?!!!Where stories live. Discover now