EPISODE 07

943 251 30
                                    

නගිනවද නැද්ද ?

හ්ම්ම්...

මට උඩ පනින කට නෑනේ පාරෙ මිනිස්සු සද්ද දැම්මාම.

ඔව්.

ලැජ්ජා නැතුව කටත් හදන් කියවන විදිහ.

ඉතින් සර්ට තියෙන ප්‍රශ්නෙ මොකද්ද මං මොනවා කෙරුවත්. මං එදාත් සර්ට කිව්වා මගෙ වැඩ වලට ඉන්වෝල් වෙන්න නැතුව ඉන්න කියලා . මොකටද මැද්දට පැන්නෙ. මං ඒක විසදගන්නවනේ කොහොමහරි .

ඔව් ඔව්. බයෙන් ගුලි වෙලා වෙන්නැති.
___________

මං දැක්කා අද දවසම සෝහි හිටියෙ එච්ච්ර හොදකින් නෙවෙයි . මොකක්ම හරි අවුලක් තිබුනා. ඒ නිසා තමයි මං පොඩ්ඩක් ඇලට් එකේ හිටියෙ. Lecture  ඉවර වෙලා Uni එකේ හැම තැනම හෙව්වත් මේ කෙල්ල කොහෙවත්  හිටියෙ නැති නිසා තමයි මං ජිමින්ගෙන් ඇහුවෙ. ජිමින්  කිව්වෙ town  එකට යන්නෝනේ කියලා වේලසනින් යන්න ඕනෙ කියලා ගියා කියලා .මටත් ආයෙ lecture  තිබුනෙ නැති නිසා තමයි මං  town  එකට ගියෙ. එතකොට තමයි දැක්කෙ පොඩි පැටව් වගෙයක් එක්ක restaurant  එකකට යන සෝහිව. පැයක් විතර ගියාට තාම එලියට ආවෙ නැති නිසා තමයි මාත් ඇතුලට ගියෙ. එතන හිටපු මිනිහා කියපු දේවල්.. මේකිටත් කට තියෙන්නෙ මාත් එක්ක ගහන් යන්න විතරයි . ඒකයි මං ඇදගෙන ආවෙ.

මාව හොයාගෙන ඇදගෙන ආවෙ නැත්තම් මං ඒ ප්‍රශ්නේ විසදගන්නවා. මෙතන එක්ක ඇවිල්ලත් බැනුම් අහන එක , එතන හිටියත් බැනුම් අහන එකනේ..ඒ නිසා ඔය ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකක් ගාවින් මාව බස්සන්න. මට කනක් ඇහිලා යන්න. ඇත්තමයි Professor  නිසා ඉන්නවා ඇරෙන්න වෙන කොල්ලෙක්නම් මෙලහකටත් කන ගලවලා අතට දීලා..

ඇති ඇති ඔය ගුරුකම් වලට වගේ කුටු කුටු ගෑවා..

මුකුත් නොකියම මං ශීට් එකට හේත්තු වෙලා shatter එකෙන් එලිය බලා ගත්තා..
ඒත් මං ආයෙ සර් එක්ජ කතා කරේ යන පාර වෙනස් වෙච්චි නිසා..

සර්.. අපි කොහෙද යන්නෙ.

කට වහන් ඉන්නවා late commer .

එහෙම ඉන්නෙ කොහොමද ? කොහෙ ගෙනියනවද කියලා මං දන්නෙ නෑනේ.

මං තමුන්ව රේප් කරන්න නෙවෙයි ගෙනියන්නෙ . ඒ නිසා කට වහන් ඉන්නවා..

MY PROFESSOR [ COMPLETED ]Where stories live. Discover now