💙🍁 Part 17 🍁💙

350 45 2
                                    

ඒ වෙන කවුරුවත් නෙවෙයි යුන්ගි . ප්‍රැක්ටිස් ඉවර උන ගමන්ම කොල්ලා මෙහෙ දුවන් ආවෙ ගොඩ දවසකින් ප්‍රැක්ටිස් නිසා එන්න බැරි උන නිසා වගේම දැන් ගැන්ග් එකේ තත්වෙ දැන ගන්න . ඒත් කොල්ලා එනකොට ගෙදර ලයිට් එකක්වත් දාලා නෑ . කොච්චර කතා කලත් දොර ඇරුනෙ නැති නිසා දොර ඇරගෙන ඇතුලට ගියෙ මොකක් හරි ප්‍රශ්නයක්ද බලන්න. අජ්ජුම්මත් ගිහින් නිසා කෙල්ලො දෙන්නට කෝල් ගත්තත් ආන්සර් කලේ නෑ . ඒ නිසාම ටිකක් බය උනත් අන්තිමට ඩේව් කෝල් එක අන්ස්වර් කරලා විස්තරේ කිව්වමයි යුන්ගි ටිකක් හරි රිලැක්ස් උනේ .

ආයිමත් ඩෝම් එකට යන්නත් හදලා කෙල්ලො දෙන්න විතරක් තනියම ඩේව් එක්ක දාලා යන්න යුන්ගිට හිත දුන්නෙ නෑ . ඩේව් ගැන කොච්චර විස්තර අහලා තිබ්බත් කතා බහ කරලා අදුනගෙන ඉදියේ නැති නිසා වගේම පිට පිරිමියෙක් ලග තමන්ගම සහෝදරියො වගේ ඉන්න කෙල්ලො දෙන්න තනියම දාලා යන්න යුන්ගිට බැරි උනා .

ටිකකින් කාර් එකක් එනවා ඇහුන නිසා යුන්ගි දැන ගත්තා කෙල්ලො දෙන්න ආව කියලා .  ලංකාවෙදි කෙල්ලො දෙන්න බීලා එද්දි මොන වගේද කියලා යුන්ගිට අත්දැකීම් තිබ්බ නිසා එයා රිතූට බනින්න ගියෙ නෑ .

( එදා ලංකාවෙදි කුකී වගේම තව දෙන්නෙක් රිතූලා බීලා ඇවිත් පොඩි අයියගෙන් බැනුම් අහනවා හොරෙන් බලන් ඉදියා මතකද . එතනින් කෙනෙක් තමා යුන්ගි . තව එක්කෙනෙක් ඉන්නවා එදා සිද්දිය දැකපු. )

එදා වගේම රිශී වැනි වැනි උනත් ටිකක් සිහියෙන් ආවත් එදා වගේම රිතූ නම් ආවෙ සිහි නැති වෙන්නම බීලා . ඩේව් රිතූ උස්සගෙන එනවා දැකපු යුන්ගි ඉක්මනට ගිහින්  රිතූ එයා අතට ගත්තෙ රිතූ එයාගෙ නංගි වගේම දැන් එයාගෙ මල්ලිගෙ  gf නිසා .

😸 රිශී ...... ගිහින් වොශ් එකක් දාගෙන එනවා. මට කතා කරන්න ඕනි 😠😠 ඩේව් .... ඔයත් යන්නෙ නැතුව ටිකක් ඉන්න .

        එහෙම කියන ගමන් යුන්ගි රිතූ අරන් ගිහින්  රිතූගෙ රූම් එකෙන් තියලා පහලට ආවෙ අර දෙන්නට කතා කරන්න . යුන්ගි කලින් සද්දෙන් කතා කරනකොටම රිශීට නම් බාගෙට වෙරි බැහැලා වගේ .ඩේව් නම් ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉදියේ  BTS  යුන්ගි කොහොමද එයාගෙ නම දන්නෙ වගේම මේ ගෙදර ඉන්නෙ කොහොමද කියලා .

💙🍁 First Love 🍁💙 ( Complete )Where stories live. Discover now