ජ්ංකුක් , යුන්ගි. හොබි ,ජිමින් තුන් දෙනාම ඉස්කෝලෙ lunch එක ගන්න ගමන් හිටියේ....
ආ..... මේ....
ජිමින් එක පාරට කන එක නවත්තලා අනිත් අයට කතා කලා..
මොකද???
මාර වැඩක් නේ උනේ....
නෑ...... මොකද්ද ?
තුන් දෙනාම කන එක නවත්තලා ජිමින්ගෙ කතාව අහන්න ලෑස්ති උනා...
ඊයේ මම ටේ ගෙ ගෙදරට ගියා.. එයා නිදාගෙන හිටියේ ... ඉතින් ... මම එයාගෙ ඩයරි එක අරගෙන කියෙව්වා...
ඔහො... ජිමින් අනිත් අයගෙ ඩයරි කියවන එක නම් එච්චර හොද දෙයක් නෙමේ...
හොබී ඔලුව දෙපැත්තට හොලවන ගමන් කිව්වා...
ඉතින් මට බලන්න ඕන උන එයා මොනවද ලියලා තියෙන්නෙ කියලා අනික හැමතිස්සෙම වගේ එයා ඒකෙ එක එක එවා ලියනවා... ඔයාලා දන්නවද මම මොනාද දැක්කේ කියලා..
නෑ මොනවද??
ජිමින් සිද්ද උන හැම එකම මුල ඉදලා අගටම කට්ටියට කිව්වා...
යාලුවෝ තුන් දෙනා කට ඇරගෙන අහගෙන හිටියෙ . බ්රේක් නැති මැස්සෙක් එහෙම අවානම් නහයෙන් ගිහිල්ලා කටින් එලියට ඇවිත් ආපහු කනෙන් ඇතුලට යනවා...
ජිමින් ඔක්කොම කියලා ඉවර උනා විතරයි ජ්ංකුක් පැනලා ඇවිත් ජිමින්ව බදා ගත්තා...
ආ.... im so happy for you ජිමින්....
ඊට පස්සෙ මොකද උනේ එයා ඔයාට කිස් එකක් දුන්නෙ නැද්ද....
Bruh.... ජිමින් ඇස් දෙක රෝල් කරල බිම බලා ගත්තා...
කිස් එකක් නෙමේ හොද ටොක්කක් දුන්නේ...
එහ්ම වෙන්න බෑනේ හරිනම් කිස් එකක් නෙ දෙන්න ඕනේ... හොබි නිකට අත ගාන ගමන් කිව්වා...
මම හිතන්නෙ එයා බයයි.. ඒ කියන්නෙ එයාට බය ඇති මම අකමැති වෙයි කියලා....
එහෙනම් ඔයා ගිහින් එයාට කියන්න යුන්ගි වෙන පැත්තක් බලාගෙන කිව්වා...
බෑ.. බෑ..... එහෙම කොහොමද
එහෙනම් ආපහු.. මුකුත් කියාගෙන එන්න එපා.. mrs.kim කාව හරි හොයලා දිලා.. ටේ ඒ කෙනාව බැන්දලා ලමයි හැදුවට පස්සෙ නහයෙන් අඩ අඩ ඉන්න..
YOU ARE READING
i was always yours 💞
Fanfictionමතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා වෙලා අවාරේ ආ සුලඟේ පැටලිලා ඔබත් ගියෙදෝ සැඟවිලා මා සුසුම් මඟ හැරලා නොදැනුනිද උණුහුමක් හිදිනා විට ලගින් දන්නේද නුඹෙන්නම් දැනුනා මහ උණුසුමක් නෙත...