කුස්සිය පැත්තෙන් ඇහිච්ච ලොකු සද්දෙත් එක්ක කුකී ඒ පැත්තට ගියෙ මොකක් හරි ජල්තරස් එකක් වෙලා ඇති කියලා හිත හිත.හිතුවා වගේම මුලු කුස්සියම අනිත්පැත්ත හරවලා වැඩේ කරපු කෙනා අහක බලාගෙන ඉන්නවා.
'මේ මොකද මේ...ආහි?'
'ම්ම්ම් මේ සැරෙත් වැරදුනා නේ....අනේ මේක නම් මහ කරුමයක් අප්පා..මං කරන කිසිම වැඩක් හරියන්නෙ නැනේ' කුකීට නම් හිනා.බැදපු දවසෙ ඉදලා තාම හරියට ආහිට මුකුත්ම කැමක් හදා ගන්න බැ.ගෙදර උයන්නෙ කුකී නැත්තන් දෙන්නටම ඉන්න වෙන්නෙ හොස්පිටල් එකේ තමයි.
'හරි හරි අඩන්න එපා ඉතින්..ආහි මොකද කියන්නේ අපි කැම එලියෙන් ගේමුද?'ආහි එතනින් නැගිටලා කුකීගෙ උරහිසට අතක් දාගත්තා.
'වාව්...ඔප්පා ඔයාටත් ඉදලා හිටලා ඔය වගේ අදහස් එනවා නේද?මරු මරු හා මං ඉක්මනට ලැස්ති වෙලා එන්නම්.
'හ්ම්ම් ඉක්මනට කිව්වොත් ඉක්මනට...' ඒත් ඉතින් ආහි කොහෙහරි යන්න ගියාම මගුල් ගෙදරකට යන්න වගේ ලැස්ති වෙන්නේ.කුකිත් බලාගෙන ඉදලා ඉදලා කාමරේට ගියේ මෙයා මොකද තාම නැත්තෙ බලන්න.
'ආහි....මොකද ලමයෝ තාම කරන්නේ' කුකී කාමරේට යනකොට ආහි මොනවදෝ පන දාගෙන හොයනවා.
'මේ මේක හොය හොය හිටියේ...'
'කෝ මොකක්ද?' ආහි අතේ තියාගෙන හිටියෙ කියුට් සෙල්ෆිස්ටික් එකක්.කුකීටත් ඉතින් මල පනිනවා මෙයාගෙ වැඩ වලට.ඒත් කුකී ආහිගෙ හුරතල් වැඩ වලට ගොඩක් ආසයි.
'ඇයි දැන් මේක ගත්තේ?'
'සෙල්ෆි ගහන්න...වෙන මොකටද?අහ් '
'ඔයාට නම් විකාර ආහි....පිස්සුද මංදා...මොකටද දැන් අපි ෆොටෝ ගහන්න ඕනි'කුකී ඇහි බැමි දෙකත් උස්ස උස්ස ආහිගෙ මූනට එබුනා.
'ඇයි අනේ මේ ස්ටික් එක ඔයාට මතක නැද්ද?'කුකී ඔලුව දෙපැත්තට හෙල්ලුවෙ නැ කියන්න.ආහි කුකීගෙ බඩට හයියෙන් එකක් ගහලා කාමරෙන් එලියට ගියා.
'රිදුනා මෝඩියේ...'කුකී බඩත් අල්ලගෙන ආහිගෙ පිටිපස්සෙන් ගියෙ පොඩි බබෙක් වගේ.
'මේ ස්ටික් එක තමයි මං ඔයාලගෙ ආපු පලවෙනි කොන්සර්ට් එකට ගෙනාපු සෙල්ෆිස්ටික් එක..හ්ම්ම් මතක තියෙන්නෙ කොහෙද ඔයා ඉතින් කොහෙවත් ඉන්න නැට්ටිච්චියො දිහා බල බලනේ ඉන්නේ' කුකීගෙ අතේ එල්ලිගේන ස්ට්‍රීට් එක දිගේ යන ගමන් ආහි කුකීට එයාලගෙ පලවෙනි මුනගැහීම මතක් කරලා දුන්නා.
YOU ARE READING
𝙈𝙧𝙨.𝙅𝙚𝙤𝙣 |𝚘𝚗𝚎𝚜𝚑𝚘𝚝✔
Short Storyකුකී ඇනුම් ඇර ඇර ඇදේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි ඉන්නකොටම ලොකු සද්දයක් ඇහුනා. ඩඩං බඩං ඩොං.... 'ආහි.!' 'ඔප්පා..ම්ම්..මේ' 'ඔයානම් හැදෙන්නෙ නැ..'