ඇවිල්ලා ආයෙත් වසන්ත කාලය. හරියට එදා වගේම.......හැම අවුරුද්දක ම වගේ ම. Busan ලස්සන වෙලා...ගොඩාක්. සීත කාලේ යන්න ම ගිහින්...නෑ...සදහට ම නෙවෙයි...ආයෙත් එන්න බලාපොරොත්තු තියාගෙන.
මේ හුළඟ මං විදින්නේ කොච්චර කාලෙකට පස්සෙද....ම්ම්..හරිම සනීපයි...ගෙදර ආවේ ගොඩකාලෙකට පස්සේ....හුඟක් දේවල් වෙනස් වෙලා....එක දෙයක් ඇරෙන්න.....මේ සකුරා මල්....ඔව්....එදා වගේ ම හරි ලස්සනට පිපිලා එයාලා..... මුළු ශීත කාලෙ ම දරාගෙන ඉඳලා වසන්තය ලස්සන කරන්න , හදවතක් සනසන්න එයාලා ආයෙමත් ලස්සනට පිපිලා..
හැමකෙනෙක්ගෙ ම ජීවිත වලට වසන්තය ඇවිත්. ඒත් මගේ කතාවේ.....මගේ ජීවිතේට වසන්තය අරන් ආපු කෙනා ම මට හුස්ම විතරක් ඉතිරි කරලා යන්න ගිහින්, ආයේ නොයෙන්න ම...ඒ වෙන කවුරුත් නෙවෙයි , මගේ නොවෙන මගේ ම unnie...මගේ angel. ඉතින් මගේ ජීවිතේට වසන්තයක් තියෙනවද....දන්නේ නැහැ මං...........
මේ සකුරා මල් මට මගේ angelගේ මූණ මතක් කරනවා. ඒ ලස්සන හිනාව,කරුණාවන්ත ඇස්....කොහොම අමතක වෙන්නද....
අනේ මගේ angel...ආයෙත් මගේ ළඟට එන්න unnie..ඇයි ඔයාගේ Mun Heeයා ව දාලාගියේමට ඔයා නැතුව පාලුයි unnie......අනේ ආයෙත් ඔයාගේ Mun hee ළඟට එන්න angel..."Mun Heeyaaa.....ඇයි මේ....එන්න අපි ඇතුළට යමු පැටියෝ.."
මට පුරුදු මේ සකුරා ගහ යට bench එකේ වාඩි වෙලා කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු මං හරි සිහියට ආවේ Mi young unnie ගේ කටහඬට...මගේ angelගේ වැඩිමල් සහෝදරී....මගේ angelගේ unnie....මගේ angel ඈතට ගියපු දවසේ ඉදන් මාව බලාගත්ත Mi young unnie...
"කමක් නෑ unnie...කාලෙකින් නේහ් ආවේ....මං මෙහෙම ටිකක් ඉඳලා එන්නම්..."
මට ඕනි වුණේ ටිකක් තනියම ඉන්න.කාලෙකට පස්සේ මේ මතක අතරේ අතරමං වෙන්න....මේ Busan හුළඟේ මගේ angel ගේ මතක පිරිලා....ආයේ කවදාවත් ලැබෙන්නේ නැති ඒ මතකයන්ට මං හරි ලෝභයි...මං හරි ආදරෙයි.......
" Angel ව මතක් වුණා නේද පැටියෝ....."
Mi young unnie මගේ ළඟින් වාඩිවෙලා මගේ ඔළුව අතගාන්න ගත්තා. මගේ angel ව මට හැමතිස්සෙ ම මතක් වෙනවා...මතක් නොවෙන වෙලාවක් නැති තරම්......
"ඇයි unnie මගේ angel යන්න ගියේ....මමයි එදා තරුවක් ළඟට යන්න ඉඳියේ...ඇයි angel ගියේ...මං හිටියේ නැත්තම් angel යන්නේ නැහැ...එහෙම වුණා නම් එයා තාම ඉන්නවා...."
YOU ARE READING
Angel Of Heartbeat
Non-Fiction"සකුරා මලක් වගේ පිපෙන්න මගේ පැටියෝ..." - Ji young "ඔයා මට promise වුණා මාව තනි කරන්නේ නෑ කියලා.එහෙනම් ඇයි මාව තියලා තනියම යන්න ගියේ...ඇයි එහෙම කළේ...ඇයි?....මට තවත් දරාගන්න අමාරුයි , මහන්සිය...