•|chapter 04

113 20 308
                                    

" යාආආආආආහ් ඔප්පා.. ඔයා කොහොමද අපිට නොකියා උන්නියෙක් ගෙනාවෙ ? "

දොර ගාව හිටගෙන හිටපු දෙන්නව දැකපු ජින්ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇඳුණෙ නොදැනුවත්වම.

" මොකද දන්නෑ හදිසියේම මාව මතක් උනේ දෙන්නට. "

අතේ තිබුණු sandwiches plate එක මේසෙ උඩින් තියපු ජින් කිව්වෙ එයාගෙ එක ඇහිබමක් උඩට උස්සන ගමන්.

" එහෙම කියන්න එපා අනේ. මේ පිටසක්වලයා මට තනියෙන් කොහෙවත් යන්න දෙන්නෑනෙ. නැත්තම් මං හැමදාම මෙහෙ එනවා හූම්. "

පඩිපෙල බැහැලා ජින් ගාවට දුවගෙන ආපු කෙල්ල කිව්වෙ හරි අහින්සක විදිහට හිනාවෙන ගමන්.

" යාආආආආආහ් ⁣... හෙමින් යනවා මැට්ටියෙ. ඩොක්ටර් කිව්වා නේද පරිස්සමට අඩිය තියන්න කියලා. "

දොර ගාව හිටගෙන හිටපු අනිත් කෙනත් පහළට ආවෙ ජින් ගාවට දුවගෙන ආපු කෙල්ලට රවන ගමන්.

මේ වෙන දේවල් ගැන කිසිම අවබෝධයක් නැතුව කෑම ටික කකා හිටපු යේනා බිබී හිටපු වතුර ටිකත් හිරකරගෙන හයියෙන්ම කහින්න පටන්ගත්තෙ පඩිපෙළ බැහැගෙන ආපු කොල්ලව දැකලා.

ඉක්මනට යේනා ගාවට ආපු ජින් කෙල්ලගෙ කොන්දට හිමීට තට්ටු කරන්න ගත්තෙ යේනා තාමත් ලොකු කරගත්තු ඇස් වලින් ආපු දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ඉද්දි.

" කි.. කිම්... "

" ටේහියුන්ග් "

යේනා අමාරුවෙන් ගොත ගහන ගමන් කියන්න හදපු නම කිසිම ගානක් නැතුව සම්පූර්ණ කරපු ජින් ආයෙමත් Dining table එකෙන් වාඩි වුණේ අනිත් දෙන්නටත් ඉඳගන්න කියලා අතින් සන් කරන ගමන්.

" දැන් එතකොට කවුද මේ අලුත් උන්නි ? "

ජින්ගෙ එහා පැත්තෙන් ඉඳගත්තු කෙල්ල ඇහුවෙ යේනගෙ පැත්තට හැරෙන ගමන්.

" ඕහ්.. ම.. මම..."

" පාරෙ හිටියා. දාගෙන ආවා. "

ජින් ආයෙමත් පාරක් මැදින් පැන්නෙ කෙල්ල කියන්න හදපු දේ සාර්ථක ලෙස දෙවෙනි වතාවටත් නතර කරන ගමන්.

යේනා හිටියෙ කවදාවත් හීනෙකින්වත් හිතපු නැති විදිහට හදිසියේම දකින්න ලැබුණු අය නිසා පොඩ්ඩක් විතර කලබලවෙලා. ඒ කලබලය නිසාම කෙල්ලට වචනත් අමතක වෙලා ගිහින්.

You've reached the end of published parts.

⏰ Last updated: May 21 ⏰

Add this story to your Library to get notified about new parts!

MY CRAZY GIRL | ONHOLDWhere stories live. Discover now