ඔන්න එකෝමත් එක රටක ජන්ගුක් කියලා කුමාරයෙක් හිටියා. එයාගේ තාත්තා තමා නම්ජූන් රජතුමා, අම්මා ජිනී රැජිණ. ඔහුට සැප සම්පත් අතින්ද හැම පැත්තකින්ම කිසි අඩුවක් තිබුනේ නෑ. දවසක් මේ කුමාරයා උද්‍යානයේ ඇවිද ඇවිද ඉද්දී දැක්කා ලස්සන කුරුල්ලෙක්. මේ කුරුල්ලා ටිකක් තාරා පැටියෙකුත් වගේ. හැබැයි ටිකක් කොටයි. කුරුල්ලා High Pitch එකෙන් සිංදු කිය කිය හිටියේ.
~You are the cause of my euphoriaaa~
දවසක් මේ කුරුල්ලා මාළිගාවේ පූසාත් එක්ක වළියක් අල්ල අල්ල හිටියා. ඉතින් මේ කුමාරයා කුරුල්ලාව බේරලා තුවාල වලට බෙහෙත් දාලා හොදට බලා ගත්තා.
කුමාරයා දවසක් මේ කුරුල්ලා දිහා බලන් ඉදලා,
"අනේ ඔයාට කතා කරන්න පුළුවන්නම්...."
"කව්ද කිව්වේ මට කතා කරන්න බෑ කියලා! මට කතාකරන්න පුළුවන්" කුරුල්ලා කිව්වා.
(කුමාරයා පුදුමයෙන්) "අනේ ඇත්තද! ඔයාගේ නම මොකක්ද?"
"මන් පාක් ජිමින්."
"පාක් ජිමින්! ඇයි ඩ්‍රයිව් ජිමින් නෙවේද?"
ඉතින් කුමාරයාටත් තනියටත් හොද නිසා, රජතුමා කුරුල්ලාටත් දැඩි ආරක්ෂාවකුයි, සැප සම්පත් ඔක්කොම දීලා බලා ගත්තා.
ඔය මාළිගාවේ අශ්වගාලේ වැඩ කරා හෝසොක් කියලා කෙනෙක්. හැමෝම කියන්නේ හොබී කියලා. හොබ්බා කියලත් කියනවා. ඉතින් ඔය අශ්වගාලේ හිටියා යූන්ගි කියලා පූසෙක්. (එදා අර කුරුල්ලාත් එක්ක ඇනගත්ත පූසා)
දවසක් මේ හෝසොක් මේ ජිමින් කියන කුරුල්ලාව දැක්කා.
යූන්ගි පූසාත් බඩගින්නේ ඉන්න නිසා හොබියා මේ කුරුල්ලාව අරන් ගියා යූන්ගි පූසාට කන්න දෙන්න.
ජන්ගුක් කුමාරයා ඉස්කෝලේ හෙම ගිහින් එද්දී මේ කුරුල්ලා missing.
දැන් මාළිගාව පෙරලගෙන මේ කුරුල්ලාව හොයනවා. ඔන්න තියනවලු බනානා මිල්ක් ගබඩාවක් ඒකත් පෙරළගෙන මෙයාව හොයනවලු.
ඔය අස්සේ නම්ජුන් රජතුමා කුමාරයාගේ පිටිපස්සේ ඇවිත් මාළිගාවේ මල් පෝච්චිද, බඩුමුට්ටුද ඔක්කොම කඩලා බිදලා විනාස කරලා.
ESTÁS LEYENDO
Little Duck (Bangtan Fairytales)
FanficThis is Fairytale Fanfiction Story. Read & Enjoy Thank You!