අද අපේ වැඩසටහන සමග විශේෂ අමුත්තෙක් එක්වී සිටිනවා.ඒ තමා ලෝක ප්‍රසිද්ධ BTS හී jung hoseok වන එහෙමත් නැත්තම් අපි හැමෝම හදුනන ජේ - හෝප්. ඉතින් ජේහෝප්?.
"Hi..................... I'm your hope!! you're my hope !! I'm j-hope...............!!"
මම කිව්වේ මගේ සුපුරුදු හිනාව මූණට අරන් කැමරා එක දිහා බලාගෙන.
"ඉතින් කොහොමද මේ දවස් වල අලුත් වැඩක් එහෙම පටන් ගන්න අදහසක් නැද්ද?"
"අම්.............. ඇත්තටම මම මේ දවස්වල කියන මගේ අලුත්ම සෝලෝ එකේ වැඩ කරගෙන යනවා."
"ඕහ්...!! අලුත් ගීතයක්!! ඔබේ රසිකයන් හට නම් එය හරිම සතුටුදාවක ආරංචියක් වෙවී.ඒ වගේම smile කියන වචනේ ඇහුනම මගේ මතකෙට නම් නැගෙන්නේ ඔබේ හිනාව.ඔබ ඔය හිනාවෙන් ආර්මිලා දහස් ගාණකගේ හිත් සුවපත් කරපු එක රහසක් නෙමේ.ඉතිං මේ ගීතය පිටුපස කුමක් හෝ සැගවුණු කතාවක් තියනවද?"
මම දීර්ඝ හුස්මක් ගත්තේ ඒ අමාරු ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්.
"හ්ම්.............. ඇත්තටම් ඔව් මම මේ ගීතය ලිව්වේ මට හිනාවෙන්න උගන්නපු කෙනා වෙනුවෙන්."
"ඒ කියන්නේ එහෙනම් එයා ඔබට ගොඩක් විශේෂ කෙනෙක් වෙන්නැති නේද?"
"හ්ම්..............ඔව් මට මගේ ජීවිතේ හම්බුන විශේෂම පුද්ගලයා.අද මම මේ තැන වාඩිවෙලා මෙහෙම කතා කරන්නෙත් එයා නිසා."
"ඔහ්! එයත් අනිවාරෙන්ම දැන් tvඑක ඉස්සරහ ඉදන් ඔබ දිහා බලන් ඇති නේද? කැමතිද එයා වෙනුවෙන් මොනා හරි කියන්න?"
"ඇත්තටම.....................මේ..............."
ඇස් දෙක ටික ටික බොදවෙන්න ගත්ත එකෙන් මට තේරුණා හැමදාම එයා ගැන කතා කරද්දි වෙන විදිහටම දැනුත් මගේ ඇස් කදුලු වලින් පිරිලා කියලා.එත් ආයාසයෙන් නගාගත්ත හිනාවත් එක්ක මම කැමරා එක දිහා බලන් කතා කරන්න ගත්තා.
"නැහැ එයා මේ වෙලේ ටිවී එක ඉස්සරහා නැහැ.ඒ වගේම මම කතාකරන දේවල් ඇහෙන් නැති තරම් දුරක දැන් එයා ඉන්නේ."
FLASHBACK (10 years ago)
"ඒ බං බලපන්කෝ දැන් පිට්ටුබම්බුවාගේ ලස්සන.බේක් කරලා ගත්තා නම් කන්නත් තිබ්බා ඕයී..."
YOU ARE READING
SMILING FOR YOU || one shot || completed||
Fanfictionහිනාවෙන්න නොදැන හිටපු මම අද එයා උගන්නපු ඒ හිනාවෙන් දහස්ගාණකගේ හිත් සුවපත් කරනවා.