chapter 3

135 41 42
                                    

දන්නෙම නැතුව දවල් වෙනකන්ම මට නින්ද ගිහින්..මං මූණ හෝදගෙන පහලට ගියේ හොබී ඔප්පා තනියම කිචන් එකේ වැඩ කරන නිසා උදව් කරන්න හිතාගෙන..

" කොහෙද යන්නේ..."

"අහ්..මං..මේ..කිචන් එකට යන්න හැදුවෙ... "

" බඩගිනීද..."

"නැහ්..මං මේ වතුර බොන්න ආවෙ..."

" තේ එකක් හදලා දෙන්නද.."

" ම්ම්..මට පුළුවන්..."

" දැං ඇගට කොහොමද ? "

"වෙනසක් නැහැ ඔප්පා... සැරින්සැරේට කරකැවිල්ලක් වගේ දැනෙනවා..."

" වෙනදට ඔයා මොනාහරි අසනීපෙකට බෙහෙත් ගන්නවද හනා..."

" නැහැ..."

ඔප්පා කල්පනා කර කරම මට තේ එකක් හදලා දුන්නා..
ටිකකින් උදේට කාලා අපි හවස් වරුවෙ සාලෙට වෙලා කතා කර කර හිටියා..

" නම්ජූන් ඔප්පා හොදින් ඉන්නවද ඔප්පා"

" මං දන්නෙ නෑ..."

" ඇයි..එයාට කරදරයක්ද..කෝල් කරලා බලන්නකො ඔප්පා... "

" මට බෑ හනා..."

" ඇයි...ඒ ඔප්පාගෙ හොදම යාලුවනෙ... "

" ඒ ඉස්සර...අපි ඒ ගැන කතා නොකර ඉමු හනා "

" හ්ම්.. ඒත් ජූනි ඔප්පා පව්.. එයා ගැන බලන්න.. ප්ලීස් මං වෙනුවෙන්වත්... "

" හොබා !! මේ දොර ඇරපන්... ! "

" හනා..ඉක්මනට උඩට යන්න..රූම් එකට ගිහින් දොර ලොක් කරගන්න... "

මං ඉක්මනට උඩ තට්ටුවට ගිහින් දොර වහගත්තා.. ඒත් ඒ කටහඩ කාගෙද කියන්න අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නැහැ..
ඒ නිසාම මං දොර ටිකක් ඇරලා වෙන්නෙ මොනවද කි‍යලා අහගෙන හිටියා..

" කෝ..කොහෙද කියපන් මගෙ කෙල්ල... "

දොර ඇරපු ගමන් වේගෙන් ගෙට ඇතුලු වුණ ජූනි ඔප්පා කෑගහන්න ගත්තා.. දාඩියෙ පිරුණු මූණ , බොත්තම් කීපයක් ගැලවුණු ශර්ට් එක , අවුල් වුණ කොන්ඩෙ.. එයා ඉන්නෙ හොදටම වෙරි වෙලා.....

" උඹෙ ගෑනු කොහෙද මිනිහො මගෙ ගෙදර... ගිහින් උඹෙ ගෙදර බලාගනින්..."

𝑆𝑜𝑚𝑒𝑑𝑎𝑦Where stories live. Discover now