උදේ පාන්දර මං ඇහැරෙද්දි එයාගේ රස්නේ අතක් මට දැනුනා මගේ කන් වල ගෑවිලා තියෙනවා.. ඇත්තටම ඒ අත ගෑවී නො ගෑවී තමයි තිබුනේ.. අත පය වල හිරි ඇරලා මම හෙමින් බිමට බැස්සා...
- ජිනී ඩැඩා... නැගිටින්න... අද නම් ඔයා සේජින් ශීගෙන් බැනුම් අහන්නයි යන්නේ..
මම එයාට කතා කලත් එයා හොඳට නිදි.. පව් මගෙ ජිනී ඩැඩා.. මම ආයෙම ඇඳ උඩට නැගලා එයාගේ බෙඩ් ශීට් එක ඇද්දා..
-" කුකී..... මට නිදිමතයි අනේ..."
එයා හිතුවේ මං කුකී කියලා.. ඩැඩා ඇස් පියාගෙනම කියලා ආයෙම ශීට් එක දාගත්තා.. මගේ ඩැඩා කිම් සොක් ජින්.. BTS බෑන්ඩ් එකේ ලොකුම සාමාජිකයා.. අපි දැන් නම් ඉන්නේ ඩෝර්ම් එකේ.. දන්නවද මේ හත් දෙනා එක්ක ඉන්න එක හරියට දෙවෙනි ලෝක යුද්දේ වගේ.. ඇත්තටම මම දන්නේ නෑ දෙවෙනි ලෝක යුද්දේ කියන්නේ මොකද්ද කියලා.. ඩැඩාම තමයි කිව්වේ කට්ටිය එක්ක ඉද්දි එහෙමයි කියලා.. අනේ මන්දා.. මට තේරෙන්නෙ නෑ ඒවා..
- ඔන්න මං කිව්වේ නෑ කියන්නෙපා... අද නම් නම්ජූන්ගෙනුත් ඔයා ගුටි කනවා ඩැඩා..
මං එහෙම කියලා එයා ඉස්සරහෙන් ඇඳේ පෙරලුනා.. මං ඒ මූණ දිහා බලන් හිටියා.. ඩැඩාට මහන්සියි... ඩැඩාට ගොඩක් මහන්සියි.. ඒක එයාගේ මූණෙන්ම පේනවා.. ඊයේ රෑ ඩැඩා එයාගේ කකුල බැන්ඩේජ් කරගත්තා.. ඩැඩා පව්.. කාටවත්ම නොකියා ඩැඩා එයාගේ දුක හිතේ හිර කරන් ඉන්නවා... සමහර වෙලාවට ඩැඩා ඒ දේවල් මට කියනවා.. ඒත් ඒ බර බර වචන සමහරක් මට තේරෙන්නේ නෑ.. මගේ පුංචි මොලේට ඒ දේවල් තාමත් තේරුම් ගන්න බෑ..
ඒත් මං එක දෙයක් දන්නවා..
ඒ ඩැඩා හැමෝටම හුඟක් ආදරෙයි කියලා..
YOU ARE READING
TONIGHT || KSJ ✔️
Fanfiction" ඩැඩා වී මිස් යූ " මේ රැය ගෙවුනට පස්සේ මට බය හිතෙනවා ආයෙම ඔයාව බලන්න බැරි වේවී කියලා ඒ නිර්මල පැහැදිලි ඇස් මට හුරු පුරුදු ඒ ස්පර්ශයන් මං දිහා බලලා මං එක්ක හිනා උනු ඒ මූණ මට ආයෙම බලන්න බැරි වේවිද? 30.11.2021 Fiction by Nim