‌Rebellion_intro

311 35 7
                                    


මෙම පොතේ සඳහන් වන සියලුම කරුණු හා සිදුවීම් මෙහි කතෘ වන මාගේ පූර්ණ පරිකල්පනය හෝ සත්‍ය සිදුවීම් මත පදනම් වුනු අර්ධ පරිකල්පනය මත ගොඩනැගූ දෑ වන බැවින් කතෘ අවසරයකින් තොරව ශ්‍රව්‍ය,දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් කිසිවක් ඔස්සේ පලකිරීමට අවසර නැත. එමෙන්ම කතෘ අවසරයක් සහිතව හෝ රහිතව මෙහි සඳහන් කිසිවක් වාණිජමය අරමුණු හෝ ප්‍රසිද්ධිය තකා සිදුකරන කිසිඳු ක්‍රියාවක් උදෙසා ලබාදීම සිදුනොකෙරෙන බව මෙයින් දන්වා සිටිමි.

©Monalisa

__________________________________________


 Rebellion කියන්නේ ඉංග්‍රීසි භාශාවෙන්  කැරැල්ල කියන වචනෙට.


හෑලි පොතක් පටන් ගන්න මගේ  ලොකූ ආසාවක් තිබ්බා. ඒත් එයින් එකක් මේන්ටේන් කරන්න මට වෙලා නෑ. අවුරුදු දෙකකින් විභාගේ ඉවර වුනාම ශුවර් මං එකක් පටන් ගන්නවාමයි. ඒ වෙනකන් මේක පටන් ගත්තා. 😁

එදිනෙදා ඇහෙන දකින දේවල්, මං අත් විඳින දේවල්, මගේ වටේ වෙන දේවල්, සමහර දේවල් සම්බන්ධව මට දැනෙන විදිය මේ පොතේ වචන තුළින් කියන්න මං උත්සාහ කරනවා. 

මට සඳැස් කවි එහෙමත් නැත්තන් පද 4 තියන එළිසමය තියන ඒවා ලියන්න ඒ තරම්ම බෑ. මොකද ඒ වගේ එකක පද ගලපන්න සෑහෙන සිංහල දැනුමක් තියෙන්න ඕනේ. මට එච්චර සිංහල දැනුමක් නම් නෑ. මං ඒක කියන්න ලැජ්ජත් නැහ්. 🖐😌 ඒ වගේ ලස්සනට ලියන අය මේ ප්ලැට්ෆෝම් එකේ ඉන්නවා. මං ඒ අයගේ කවි කියෝලා රස විඳලා සතුටු වෙනවා. 

මේකේ වැඩිපුර තියෙන්නේ නිසඳැස්. ඒකත් සරල සිංහල. මොකද මට පුලුවන් ඒක නිසා. නොදන්න දේවල් වලට අත ගහලා ඒ දේත් එක්කම නාගන්න මං ආස නැහ්. 🌚 කවදාහරි මට ගොඩාක් සිංහල දන්නවා කියලා හිතුනොත් මං පැරණි සිංහල ලිවීමත් ට්‍රයි කොරලා බලන්නම්කෝ.

ඉතින්, මේක කියවන්න කියම්නේ නැහ් මං. මට අත තියන් ඉන්න බැරුවට මේක ලියන්නේ....😁 

ඒ වගේම මේකේ සංවාදයට විවෘත දේවල් ඇතුලත් නිසා පිළිතුරු කවි හයිලි එක්ස්පෙක්ටඩ්. බලාපොරොත්තූ වෙනවා පිලිතුරු කවි. සඳැස්, නිසඳැස් ඕන විදියකින්, සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඕන භාශාවකින් උත්තර කවි ලියන්න. (වෙන ඒවගෙන් ලියන්නෙපා ප්ලීස් මං කියවන්න දන්නේ ඔය භාශා තුන විතරයි 🙂🖐) 

ඒනම් මං ගියා ඈ......

ආ....අමතක වුනා කියන්න. 

මේක කවදාවත් කම්ප්ලීට් වෙන පොතක් නෙමේ. 😁 


සම්මතෙන් පෑගී
නිහඬ වන්නට නොහැකිව
සිරව හඬ නැගු නිහඬ සිතුවිලි
එක්ව ගොඩනැගු රැඩිකල් කැරැල්ල...

_Rebellion_ 


_Monalisa_

RebellionWhere stories live. Discover now