CHAPTER 9

313 68 36
                                    

"එහෙනම් අපි යමු නේද " රාත්‍රී ආහාරය ලබාගෙන අවසන් කල ජංකුක් ටේහ්‍යන් දෙස බලමින් පැවසුවේය.

"ඔහ් ආයෙ දවසක එන්න ටේහ්‍යන් පුතා " ජංකුක් ගෙ මව ඉතා ආදරණීය ලෙස පැවසුවාය.

ඔවුන් එලෙස ජංකුක් ගෙ සොහොයුරියගෙ නිවසින් පිටත් වූහ.
ඉන් පැය එකහමාරකින් පසුව ටේහ්‍යන් ගෙ නිවෙස අසල ටේහ්‍යන් ව ඇරලූ ජංකුක් සිය ආරක්ෂකයන් සහ රියදුරා සමග තම නිවෙස වෙත පිටත් වූවේය.

ටේහ්‍යන් තම නිවස වෙත පැමිණෙන විට පස්වරු දහය පමණ විය ඔහු ඒ ආ විගසම සිය කාමරයට ගොස් පිරිසිදු වීම සදහා නානකාමරය වෙත පිවිසුනු අතර එහි වූ වතුර ශබ්දය නිසා ජංකුක් විසින් ඔහුට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාදුන්නද ඒ එකක්වත් ටේහ්‍යන් හට ඇසුනෙ නැත.

මදකට කාර්යබහුල දිනයක අවසානය හොද වතුර නෑමකින් අවසන් කල ටේහ්‍යන් ඔහුගේම ගීතයක් කියමිබ් හිස පිසදමමින් නානකාමරයෙන් සැහැල්ලුවෙන් පැමිණියේය.

ඔහු පිරිසිදුව පසුව ඇද මතට පැමිණියේ සුවබර නින්දක් ලබා ගැනීම උදෙසායි ඔහු ඒ විටම ජංකුක් ගෙන් ඇමතුම් පහක් විතර තිබෙන බව දුටුවේය.

"ඇහ් ඇයි කුකී කෝල් කරල " ටේහ්‍යන් තමන්ගෙන්ම අසමින් යලිත් ජංකුක් හට ඇමතුමක් ලබා දුන්නේය.

"කොහෙද මනුස්සයො හිටියෙ " ජංකුක් මදක් ආවේගයෙන් මෙ ටේහ්‍යන් ගෙ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වන්නට විය.

"සො සොරි කුකී මම වොශ් එකක් දාන ගමන් හිටියෙ ඇහුනෙ නැ " ටේහ්‍යන් ජංකුක් ගෙ ආවේගයට බියෙන් මෙන් වචන ගොත ගසමින් පැවසුවේය.

"තමුන්ගෙ ස්කාෆ් එක අක්කලාගෙ ගෙදර දාලා ඇවිත් ඒක කියන්න ගත්තෙ " ජංකුක් එසේ කියමින් ඇමතුම එකවරම නතර කළේ ටේහ්‍යන් එම දිනය තුල ලැබූ සියලු සතුට එක් හිත් වේදනාවකින් විනාශකරමිනි.

ඔහු ජංකුක්ගෙන් සමාව ඉල්ලීමට දිගින් දිගටම දුරකථන ඇමතුම් ගන්නට විය එහෙත් ඒ කිසිදු ඇමතුමකටවත් ජංකුක් සිය ආවේගය නිසා ප්‍රතිචාර නොදැක්කුවේය.

ඒ අතර වාරයෙ ටේහ්‍යන් හට තවත් දුරකථන ඇමතුමක් ලැබුනේය ඒ ඔහුගෙ හොදම මිතුරියක් වන සෙලීනගෙන් ය.

All Too Well | Taekook [ COMPLETED ]Where stories live. Discover now