" රදීශ් "
ඔව් සර් ..
කොහොමද අර article එකේ වැඩේ..
තාම බැරි වුණා සර්..
එහෙම බෑ.. තමුන් අනිවාරෙන් ඒ ගැන හොයාගෙන මේ සතිය ඇතුලත අනිවාරෙන්ම article එක ලියන්නම ඕනේ.. බැරි වුණොත් අන්න දොර .. මෙතනින් යන්න පුලුවන්.
තේරුණා නේ මං කියපු දේ. මං කැමති නෑ එකම දේ දෙපාරක් කියන්න.. දැන් යන්න පුලුවන්.හරි සර්.
තව දෙයක්..සතියක් ඇතුලත වැඩේ කරලා තිබුණෙ නැත්තන් resignation letter එක තමුන්ගෙ මේසෙ උඩ තියෙයි.
හ්ම්ම් දැන් යනවා..ඔව් දැන් ඔය ටික වෙලාවකට කලින් වුණේ මං අපේ බොස්ගෙ room එකට ගිය වෙලේ ඇති වෙච්ච සුහද කතාබහක්..දැක්කනේ කොච්චර සුහද ද කියලා ..අන්තිමට මට අහන්න වෙන්නෙත් " ප්‍රිය සුහද , අපිට කොකා ද " කියලා විතරයි... ඒවගෙන් වැඩක් නෑ මං රදීශ්..වයස 25 ක් වෙච්ච මගෙ job එක තමයි එක එක මනුස්සයගෙ ඕප දූප හොයන එක.. ආයෙ ඒවා රස කරලා පත්තරේට ලියන එක. මොනවා වුණත් මං මෙහෙමවත් කාලා ඇදලා ඉන්න ජොබ් එක නිසා මං ඒකට එහෙම කියන්න කැමති නෑ. මං jurnalist කෙනෙක් ..අපේ බොස් මීට සති 2 කට විතර කලින් තමයි මට කිව්වෙ සමාජේ තියෙන ගැටලු ගැන පත්තරේට article එකක් දාන්න කියලා ..ඕවා ගැනනම් ඉතින් පත්තරේට එකක් නෙවෙයි කෝටියක්ම දාන්න පුලුවන්නේ.. කොයි තරම්නම් සමාජ ගැටලු තියෙනවද ? ළමා අපචාර , මත්ද්‍රව්‍ය භාවිතය හා වෙලදාම , කලු කඩ , වන විනාශය , අනවසර ඉදිකිරීම්.. තව ඉතින් කෙලක් කෝටියක් නැතුව ඉතින් සමාජ ගැටලුද නැත්තේ . ඒත් අපේ director සර්ට ඕනෙ වෙලා තියෙන්නේ club එකක් ගැන ලියන්න. මොකද ඒ ගැන වැඩිය ලියවෙන්නෙ නැති නිසා...
ඔව් ඉතින් ඒකනම් ඇත්ත තමයි .. වැඩිපුරම ගොඩක් දේවල් වෙන තැනක් තමයි එතනත්.. ඒත් ඒ ගැන වැඩි දෙනෙක්ට ටච් වෙන්නෙ නැත්තේ මොකද ඒ තැන් වල තමයි වැඩිපුරම රටේ තැනක් තියෙන සල්ලි ගස් ටික ඉන්නේ . හාකො ඉතින් ඒකටත් මං හා කිව්වා. ඒත් ඊගාවට කියපු දේත් එක්ක මගෙ කපාල ප්රතීක ක්‍රියා, සුසුම්නා ප්රතීක ක්‍රියා තව මෙකී නොකී සියලු ක්‍රියා ඇණ හිට්ටා..
ඔව් ..සර් මට කිව්වා club එකට යන්න කියලා ..ආසාවකට club එක පැත්ත හැරිලා බත් කටක් නොකාපු , වතුර කටක් නොබීපු මට club එකට යන්න කිව්වාම දැනිච්ච දේ ගැන කියන්න්ස් ආයෙ ඉතින් අටුවා ටීකා ටිප්පනි ඕනෙම නෑ.මං අහලා තියෙන දේවලුත් එක්කන් club එක කියන්නෙ මං යන්න අකමැතිම තැන් වලින් එකක්..
YOU ARE READING
Black Shadow [ COMPLETED ]
Kurzgeschichtenජීවිතේ කියන්නේ පොතක්නම් , ඒ පොත ලියන්නෝනෙත් අපිමයි.. මේ මගේ පොත ... Broken angle 💔