Author's pov-
"ඕහ් ශිට්!"
සපත්තුව කකුලට දාද්දිය් හන්ජි නිකමට වගේ මේසෙ දිහා බැලුවෙ. කෙල්ලගෙ උදේ කෑම වේල බඩේ නෙවෙයි තාම මේසෙ උඩ. එක සපත්තුවක් දැනටම දාගෙනත් ඉවරය්.
එක අතක ඉතුරු සපත්තුව අරගෙන සපත්තු නොදාපු තනි කකුලෙන් පැන පැන ගියපු හන්ජි මේසෙ උඩ තිබ්බ මිල්ක්ශේක් එකෙන් බාගයක්ම ගුඩු ගුඩු ගාලා ගිලලා දැම්මා. සුපුරුදු විදියටම කෙල්ලට රෑට නිදි යකා ආවේශ වෙන නිසා අදත් ඇහැරුනෙ හොදටම පරක්කු වෙලා. සපත්තුවකුත් දැම්මට පස්සෙය් කෙල්ලට කන්න මතක් උනේ, ඒකත් අහම්බෙන් බිත්ති ඔරලෝසුවෙ වෙලාව බලපු නිසා.
කෝලම් කරකර කන්න වෙලාවක් කොහෙද දැන්?. කිසිම පිරවුමක්, තැවරුමක් අඩුම තරමෙ බටර් ටිකක්වත් නැතුවම මේසෙ තිබ්බ පාන් පෙති කීපයක් කෙල්ලගෙ කටේ පිරුනා.
ඒකත් හපහපාම ආයෙත් උඩ පැන පැන දොර ලගට ආපු හන්ජි අනිත් සපත්තුවත් දාගෙන බෑග් එක අතට ගත්තා. කටේ පුරෝගත්ත පාන් ටිකෙන් ටික හප හපා බෑග් එකට අත දාගෙන මොනවදෝ හෙව්වත් ඕනි දේ හම්බුනේනම් නෑ.
"#ක්"
කෙල්ල හොයන යතුර මේසෙ උඩ බැබලි බැබලි තියනවා. ඒ දිහාත් සපත්තු දිහාත් කීපසැරයක් බලපු හන්ජි සපත්තු පිටින්ම ගේ ඇතුළට ගිහින් කාර් එකේ යතුර අරගත්තා.
කවුද කියන්නේ ගේ ඇතුළට සපත්තු දාන්න තහනම් කියලා!?.හන්ජි එලියට එද්දිත් චූටි කෙල්ල අලුත් බෝනික්කිත් තුරුල් කරගෙන දොර ලග. හැමදාම ලැබෙන හන්ජිගෙ හාදුව ගන්න එයා නැගිටපු ගමන්ම හන්ජිගෙ ගෙදර දොර ඉස්සරහට දුවගෙන එනවා. හන්ජිටත් කොය් තරම් පරක්කු උනත් එයාට හාද්දක් නොදී යන්න හිතුන්නෑ. අඩුම තරමෙ චූටි කෙල්ලව දැක්කම හන්ජිට පරක්කු උනාද මතකත් නෑ.
වෙනදා වගේම දොර ලණු කෑල්ලෙක් තදට ගැට ගහලා හන්ජි චූටි කෙල්ලට අවධානේ දුන්නා.
"සූටික්කි..."
කෙල්ලගෙ කම්මුල් වලින් අල්ලගත්තු හන්ජි එයා ගානින්ම නැවිලා ඒ ඇස් දිහා බැලුවා.
ඒත්..... ඒ ඇස්...ඒවා තනි කලු පාටය්.
ඒවා වෙනස්!... චූටික්කිගෙ ඇස් වලට වඩා ඒ ඇස් වෙනස්. කුකී එයාගෙම අප්පානම් ඒ ඇස් නෙවෙයිද කෙල්ලට තියෙන්න ඕනි. සමහරවිට කුකීගෙ වය්ෆ් ෆොරීනර් කෙනෙක් වෙන්න ඇති. චුටි කෙල්ලට ඇත්තෙ අම්මගෙ හැඩරුව. හන්ජි තත්පර කීපයක්ම ඒ ඇස් දිහා බලාගෙන කලින් දවසක ලාවට දැකපු ජන්කුක්ගෙ ඇස් මතක් කරන්න උත්සාහ කලා.
YOU ARE READING
짐승 || The Beast ! •[COMPLETED]•
FanfictionThe beast is not always the beast you see. . . Started - 29/11/2021 Finished - 25/12/2021