Altair and Vega
කුඩාකලම දෙමාපියන් අහිමිව තම සොහොයුරාගෙන්ද වෙන්ව සිටි කඩවසම් තරුණ එඬේර අල්ටෙයාර් ඕක් ගසක් පාමුල හිඳ ඔහුගේ බටනලාවෙන් මිහිරි සංගීතයක් වයමින් සිටයේය. එක්වරම සූර්ය අස්තයෙන් (හිරු බසින වෙලාවෙ) පැමිණි සුදු පැහැති පරවියෙකු ඕක් ගසෙහි අත්තක වැසීය. කන්කලු සංගීතය අවසන් වනවාත් සමගම එකී පරෙවියා සුන්දර තරුණියක් බවට පත් විය. බියට පත් අල්ටෙයාර් අස්වසාලමින් ඇය පවසා සිටියෙ තමන් ඇයටඇසුනු මියුරු සංගීතය සොයා අහස් දිව්‍ය විමනින් පැමිණි වේගා නම් කුමරිය බවය. ඔහුගේ මියුරු සංගීතයට සවන් දීමට කැමති බවද ඇය තවදුරටත් පවසා සිටියේය. ඉඳින් ඇරඹි එකී හමුවීම හොර රහසේම සෑම මසකම සිදු වූ අතර දිව්‍ය විමනෙන් පැමිණි කුමරිය හා පොළොවෙහි ජීවත් වූ සාමාන්‍ය එඬේර කොලුවෙකු අතර ආදරයක් දළුලමින් තිබුණි. කුමරියේ වෙනස්වීම පිළිබඳව සැකයෙන් සිටි දිව්‍ය විමනයේ රැජිණ කුමරිය පිළිබඳව ඔත්තු සෙවුමට චර පුරුෂයෙක් යෙදවීය. කුමරිය මනුෂ්‍යයෙකු සමඟ ආදරයෙන් වෙළී ඇති බව සැලවූ රැජින කෝපයට පත්ව වේගා කුමරිය අල්ටෙයාර් හමුවීමට ගිය අවස්ථාවකදී පෙනී සිට කුමරියව අල්ටෙයාර්ගෙන් වෙන්කර නැවතත් දිව්‍ය විමනට රැඟෙන යන ලදී. රැජිණ විසින් අල්ටෙයාර් හට වේගා කුමරිය සොයා දිව්‍ය විමනට පැමිණීමට නොහැකි වන පරිදි පොළවත් දිව්‍ය විමනත් වෙන් කෙරෙන මන්දාකිණියක් (milky way) මවන ලදී. එකිනෙකාගෙන් වෙන්ව යන පෙම්වතුන් දෙපළ කඳුළු පිරුණු දෑසින් සහ බිඳුනු හදවතින් මන්දාකිණිය දෙපස හිඳ එකිනෙකා දෙස බලා සිටියේය. මෙකී පෙම් පුවත කන වැකුන දිව්‍ය විමනෙ සිටි රජතුමා ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් මන්දාකිණිය හරහා පැමිණීමට හැකිවන පරිදි කුරුළු පාලමක් ( Magpies Bridge) මවන අතර එකී පාලම හරහා පැමිණ එකිනෙකා හමුවීමට අල්ටෙයාර් සහ වේගා නියමිත කාලය පැමිණෙන තුරු බලා සිටියාය.
.....................................................
වසන්තය ආ පසු කටුක ඉඩෝරය ඔබට අමතක වනු ඇත.
එය සත්‍යය වීමට කෙසේවත් ඉඩ නොතබුණි. කිමද, වසන්තය සෙයොනාගේ ජීවිතේ පෙනෙනතෙක් මානයකවත් නොතිබුණ නිසාවෙනි. ඇය හැමදාම ඉඩෝරයෙන් බැටකමින් සිටියාය. සීත සෘතුවේ මුල මෙපල් ගස් වලින් උණුසුම් වර්ණ වලින් හැඩවුනු මෙපල් කොල එහෙ මෙහෙ විසිරෙද්දි ඇය ඇගේ සීත කබාය තදින් අල්ලාගෙන හිටියාය.
YOU ARE READING
Falling || JJK || Mythology FF
Short Storyශතවර්ෂ ගණනකට පෙර මන්දාකිණියකින් වෙන් කෙරූ දිව්‍ය විමනේ කුමරිය වේගා සහ පොළවෙහි විසූ එඬේර තරුණයෙක් වන අල්ටෙයාර්ගෙ සදාතනික ආදර කතාවේ නව මානයක්.. Cover credit goes to @JINius_MooN