ආදරණීය හාදුව (One Shot)

429 86 39
                                    

ආදරණීය හාදුව

ශෙන් වැඩිහිටි නිවාසයකට අද යනවා කියුවෙ එයාගෙ උපන්දිනය වෙනුවෙනුයි. ශෙන් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලූ එක්ක පෙරදා රැයේ ඇතිකරගත්ත හිත් අමනාපකම නිසා උදේ  නැගිට්ටගමනුත් කල්පනා කලේ මේ ගමන යනවාද කියලයි. මොකද මේ ගමන යන්න ලූ එයා එක්ක එකතු වෙනවා.

ලූට ශෙන් ඊයෙ දවල් කෝල් කරපු වෙලාවෙ එයාගෙ ෆෝන් එකට ගෑනු ළමෙක් පිලිතුරු දුන්න එක ගැන ශෙන් හිටියෙ හරිම කේන්තියෙන්. එයා බලන් හිටියෙ ලූ ගෙදර ආවම එයාට ඒ ගැන පැහැදිලි කරයි කියලයි. ඒත්... ලූ ආපු වෙලාවෙ ඉදන්ම හිටියෙත් කෝල් වලමයි. විටෙක හිනා වෙවී තවත් විටෙක මහ බැරෑරුම් විදිහට ලූ එක දිගටම කතා කරනවා දැකපු ශෙන්ට ඉහිලුම් නැතුව ගියේ වෙනදා වැඩ ඇරිලා ආපු ගමන් ලූගෙන් ලැබෙන ආදරණීය හාදුවත් අද ලූගෙන් නොලැබුන නිසයි. නෑ ඇත්තටම ලූට ඒකත් අමතක වෙලා....

අද පාන්දරම ඇහැරිලා ඇඳේ ඉදන්ම තවත් ටිකක් හිටිය ශෙන් අන්තිමට විනාඩි 20ක් විතරම කල්පනා කරමින් හිටියෙ කලින් දවසෙ රෑ සිදුවීම ගැනයි. ශෙන් තාමත් නින්දෙ ඉන්න ලූ දිහා නොරිස්සුම් බැල්මක් හෙලලා වොශ්රූම් එකට ගියේ මොන දේ උනත් මේ ගමන යනවා කියල හිතාගෙනයි. ලූ ශෙන් එක්ක යන්න එන්නම් කියුවට එයා තැන ගැන දන්නෙ නෑ කියල මතක් උනාම ශෙන් කලේ ලූව ඇහැරෙන්නේ නැති විදිහට හිමි හිමීට ලෑස්ති වෙලා ලූට හොරෙන්ම එලියට පැනගත්ත එකයි. කවදාවත්ම ලූට නොකියා ගමන් බිමන් නොගිය ශෙන් අද මේ විදිහට ගියේ ලූ එක්ක තිබුන කේන්තිය වැඩි කමටමයි.

ශෙන් වැඩිහිටි නිවාසෙට ඇතුළු වෙද්දිම දැකපු දෙයින් ශෙන්ට හරි අමුතු දුකක් දැනුනෙ මුලු හිතම ලූ ගැන පිරිලා තිබ්බ තරහ දුකෙන් පිරිලා යනකොටයි.
වයස අවුරුදු 70ක විතර සීයා කෙනෙක් නිවාසෙ කොනක තියන බංකුවක වාඩි වෙලා හොඳටම අඩනවා. ඒ ගැස්සෙන උරහිස් වලින් කියාපෑවෙ ඉකිගසමින් දුක දරාගන්න උත්සාහ කරන විදිහයි.

ශෙන් සීයා ගාවට යන්න ඔසවපු කකුල ආයෙමත් කාර්‍යාලය දිහාවටම යොමු කලේ ඔක්කොටම කලින් ඒ වැඩ ටික ඉවර කරලා ඉන්න ඕන කියල වගේම තමන්ට කෙනෙකුගෙ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න බෑනේ කියල හිතමින්මයි.

ආදරණීය හාදුව...❤️ (ONE SHOT)Where stories live. Discover now