01

1.2K 277 201
                                    

Jungkook pov

මම......

එයා යන දිහා බලා ගෙන හිටියා... මුදු මාරු කරලා ඒ දෙන්නා ඒ දෙන්නාගෙම උනා. සදහටම...

මගෙ ටේහ්‍යුන් ලස්සනයි වෙඩින් සූට් එකට... මල් බොකි එකක් ගත්ත ලස්සන ගෑණු ළමයෙක් එක්ක එයා ෆාදර් දිහා බලාගෙන හිටියා.

මුදු මාරු කරලා එකිනෙකා ගෙ උන ඒ දෙන්නා දිහා මම බලාගෙන හිටියා..... කිස් කරන්න කියලා ෆාදර් කියනකොට ඒ ගෑණු ළමයා ලස්සනට හිනා වෙලා මගෙ ටේ දිහා බැලුවාම නැමිලා ඒ තොල් ඒ ගෑණු ළමයාගෙ තොල් උඩ ගෑවුවා එයා.

මාව විතරක් සිප ගත්ත ඒ තොල්
මගෙ දෙතොල් උඩ දග කරපු ඒ දෙතොල් වලින්
එයා ඒ ගෑණු ළමයාව කිස් කලා.

හැමෝම අත්පොඩි ගහන සද්දෙ වැඩි වෙනකොට ඒ සද්දෙට මගෙ හදවත කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා. හැමෝගෙම ආශිර්වාද මැද්දෙ සුදු පාට වෙඩින් ෆ්රොක් එක ඇදගත්ත ඒ කෙල්ලගෙ අතින් අල්ලා ගත්ත මගෙ මැණික ඉස්සරහට ඇවිදගෙන ආවා. මම බලාගෙන හිටියා.

මම කොච්චර හීන මැව්වද මගෙ මැණික

ඔයාව මගෙම කර ගන්න දවසට , අපි දෙන්නා අපේව වෙන්න , හැමෝම ඉස්සරහ කිස් කරන්න , ඔයාගෙ අත් අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන එන්න... මම කොච්චර හීන මැව්වා ද මගෙ රත්තරං.....

මම බැන්ද ඒ අහස් මාලිගා එක් ක්ෂණයෙන් කෑලි කෑලිවලට කුඩු වෙලා බිමට වැටුනෙ දෙදරගෙන.... ඒ මාලිගා ගොඩ නගින්න ආදරය නමැති බදාමය දුන්න මගෙ මැණික ඒ බදාමය සූරලා අරන් වෙන කෙනෙක් එක්ක මාලිගා බඳිනකොට මම ඉදිකරපු මාලිගාව කඩාගෙන වැටුනෙ එක සාමාන්‍යයි නේද?

මගෙ මැණික මගෙ ටේ ඉස්සරහ ට ඇවිදගෙන යනකොට ඒ කෙල්ලත් එක්ක ඒ ඇස් මගෙ ඇස් ගෑව නතර උනා.... ඒ ඇස් වල ආදරය උතුරනවා. . අවුරුදු ගානක් තිස්සේ මම මං වෙනුවෙන් විතරක් දැක්ක ඒ ආදරය අදටත් එහෙමමයි. පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ....

ඔයා මට තාම ආදරෙයි ද මගෙ මැණික?

ටේව මුලින්ම දැක්ක දවස, එයාට ප්‍රොපෝස් කරපු විදිය ඒ ඇස් වල ලැජ්ජාව ඉතිරුනු විදිය , අන්තිමේදී මට කැමතියි කිව්ව විදිය, අපේ පල වෙනි ඩේට් එක , පලවෙනි කිස් එක, පලවෙනි එකතු වීම වගේම ටේගෙයි මගෙයි ආදරේ ගැන දැනගත්ත ටේගෙ දෙමාපියො කොලුකාරයෙක් කියලා ටේට බැනලා ගහලා කෙල්ලෙක්ට විවාහ කරලා දෙන්න හදපු විදිය, මම ටේට මගෙත් එක්ක පැනලා යන්න කතා කරපු විදිය වගේම ටේ අන්තිමේදී අම්මලාගෙ තීරණයට එකග උන විදිය ,

All My Heart | TK (One Shot)Where stories live. Discover now