යාන්තම් බෙල් කරන්න කලින් අයියාගේ ඇදුමේ කොලර් එකෙන් ඇදන් පන්තියෙන් ගිහින් වාඩි උනා...
☁ එක්ස් කියුස් මි සර්..
අර කොල්ලො දෙන්නා ආවේ පරක්කු වෙලා...සර් එයාලට රැවුමකින් සංග්රහ කරද්දි ඒ දෙන්නා මට හිනාවකින් සංග්රහ කරා..
🎀 ඒ...ටෙරන්ස්...මොනාද ඕයි සර්කාරයා කියවන්නේ...ටෙරන්ස්...ඕයි..
මූ නිදි...අනෙ අම්මප...මේකා එක්ක බෑ...මාත් ඉතින් හාන්සි උනේ ඉතිහාසය පාඩම නිකම් කතන්දරයක් වගේ...ඉතින් නින්ද යන එක සාමාන්යයි...
?? ඒ..ඕයි..කෙල්ලේ...නැගිටින්නෙ නැද්ද...ඉන්ටවල්..ඕයි..
මොකෙක් හරි කාබාසිනියා කාරයෙක් කෑ ගහනවා...හෑ...ඉන්ටවල්ලු...කැන්ටින් එක මතක් වෙලා මම සිං ගාල කෙලින් උනා..
ඈහ්...කෝ මේ ටෙරන්ස් කියන ආදා..☁ ඔයාගේ සහෝදරයා ගියා...
🎀 ඊෆ්...ඌ ඔහොම්මමයි...ඉන්ටවල් කිව්වා නේද...
☁ ඔව්...
🎀 බඩගිනියි...
☉ ඔයා නිදියන් ඉන්න නිසා කතා කරලා ඔයා එක්කම යන්න ආවේ...
🎀 තෑන්කූ බොක්ක...
☉ ඔයාගේ නම..
🎀 මම ටියානා එඩ්මන්...ඔයාලා..
☁ කලින් කිව්වේ...මම ඈශ් ලීවන්
☉ මම රෝයි අර්වින්...
🎀 මොකො කියන්නේ...ෆ්රෙන්ස්ලා වෙමුද..
☁ අනිවා..
☉ යාලු කම් තියාගන්න නම් වරෙව් කැන්ටිමට මට බඩගිනියි..
🎀 මම කියන්න ගියා විතරයි අප්පා..
යාලුකමට කෙල්ලොද කොල්ලොද අදාලම නැති නිසා ඒ දෙන්නා මගේ හොද යාලුවෝ උනා....අනිත් උන් වපර ඇසින් බැලුවත් මට මොකෝ...මමයැ වපර වෙන්නේ....
☉ අර ඔයාගේ අයියද...
රෝයි පෙන්නුවේ මරුමුස් සෙට් එකක් එක්ක ඉන්න අයියව.මූව හදන්න බෑ..
🎀 හ්ම්....එයා එක්ක පැටලෙන්න එපා..
☁ ඔයා එයාට බයද..
🎀 අපෝ නෑ...ඕකා කේලම් කියනවට බයයි...
☉ ඉතින් ටියා...විස්තර කියන්නකෝ...
🎀 ම්ම්....නම කිව්වානේ...මගේ ට්වින් ටෙරන්ස් තව අයියලා දෙන්නෙක් ඉන්නවා ටොම් රොන් කියලා...
☁ මම නම් පවුලේ එකම වස්තුව...
☉ මට ට්වින් කෙනෙක් ඉදලා...එයා ඉපදෙද්දිම නැති වෙලාලු....ඒ නිසා මම විතරයි...
🎀 ඔයාට ගොඩක් දුක ඇති නේ...ට්වින් කෙනෙක්ගේ අගේ මම දන්නවා...ඒත් ටෙරන්ස් ....මට එයාව මගේ ට්වින් වගේ දැනෙන්නෙ නෑ...ඒත් මම එයාට ගොඩක් ආදරෙයි......
එතකොටම මම දැක්කේ ටෙරන්ස් කොල්ලෙක්ට ගහන්න යනවා...
🎀 අහ්..මම අර පැත්තට යන්නම්...ටක් ගාලා එන්නම්...ඈහ්...
@Boys Pov.....☁☉
☁ ඒ...රෝයි මොකෝ බං ඒ කෙල්ල දිහා කන්න වගේ බලන් ඉන්නේ...
☉ එයා හරි වෙනස් බං..
☁ ලව් සික් එකද...ආහ්..
☉ ටියා ටිකක් අපේ අම්මා වගේ නැද්ද...
☁ ටිකක් ආන්ටි වගේ තමා...
☉ මගේ රියා (රෝයිගේ ට්වින්ට දාන්න හිටිය නම ) හිටිය නම් එයත් ටියා වගේ කෙල්ලෙක් වෙලා ඉදියි නේද....එතකොට අපිටත් රන්ඩු වෙන්න තිබ්බා...
රෝයි කිව්වේ කදුලු ඇස් වල හිර කරන්..
☁ උබ උපන් දා ඉදන් ඕකට අඩනවානේ...දැන් ඇති බං...ආ...අපේ පලවෙනි පරිවර්තනේ ලගයි නේද...
☉ හ්ම්....හද පායන්න දවසකට කලින් මම පරිවර්තනය වෙනවා...රියා හිටියා නම් එයා පරිවර්තනය වෙන්නෙ හද පායන දවසේ...
☁ හ්ම්...රියා හිටියා නම් මට ටෝක් කරන්න තිබ්බා නේහ්...
☉ අම්මෝ...උබ වගේ එකෙක් නම්....
☁ සිරා ඈ...
☉ ඇති ඇති...අරුන් මෙහෙටත් එයිද..
☁ දඩයක්කාරයොද...
☉ හ්ම්...
☁ එයාලා පස්සෙන්ම එනවා බං...පරිස්සම් වෙමු...
😢❤️ දවසක්වත් නොදැක්ක සහෝදරියට රෝයිගේ හිතේ තියන ආදරේ කොයි තරම් ලොකුද....
ඒ බැදීම...
ඉස්සරහට මොනා වෙයිද...