බව් බව් බව් බව් who let the dogs out බව් බව් බව්...
කවුද මේ උදේ පානදරම මට වද දෙන්නේ???
සන්හී එයාගේ ෆෝන් එක අතට අරන් කවුද කියලා බලන්නෙත් නැතුවම කට් කරලා ආයෙත් නිදාගත්තා.
බව් බව් බව් බව් who let the dogs out බව් බව් බව්...
මේපාරත් ෆෝන් එක අතට අරන් කට් කරන්න ගිහින් කව්ද කියලා බලන්නත් එක්කම ෆෝන් එක check කරන්නේ නැතුව answer කරා.
Sung-hee : යො-යොබ්සෙයෝ
??? : සන්හී තාම නිදිනේද??? මට හිතුනා නිදාගෙන ඇති කියලා කවදවත් හැදෙන්නේ නෑනේ.
Sung-hee : හ්ම්ම්ම්ම් මං තාම නිදි තමා
???: නැගිටිනවා ලමයෝ
Sung-hee : හරි හරි appa මං මේ නැගිටලා ඉන්නේ.
Appa : හ්ම්ම් එහෙනම් හොදට වැඩ ටික කරගන්න. Good luck princess.
Sung-hee :Thankyou appa i wont let you down.
එහෙම කියලා ෆෝන් එකත් කට් කරලා ඉක්මනට පල්ලෙහාට දිව්වේ උදේ පාන්දර මොනවා හරි බඩට දාගන්න.
Sung-hee : බිත්තරත් තියෙනවා, කිරිත් තියෙනවා එතකොට පිටි අහ්හ් ඒකත් මේ තියෙන්නේ eomma ඔක්කොම ලස්සනට තියාගෙන ඉන්න නිසා හොදයි.
සුන්හී එයාට ඕනේ හැමදේම ලගට ඇරගෙන ගියේ එයාට හදන්න පුලුවන් එකම කෑම එක හදන්න.
කෝ සීනී එක
??? : අහ්හ් මෙන්න සීනි එක මෙතන
සීනී බෝතලේත් අතට අරන් එතැනින් යන්න හැදුවත් ඒ ශක්තිමත් අත් දෙක ඇවිත් සන්හීට යන්න නොදී පිටිපස්සේන් බදාගත්තා.
Sung-hee : මොනවද ඕනේ
??? : Noonaaa..
Sung-hee : මට බඩගිනී... මං දන්නවා ගිහින් මූන හොදන් එනවා. මොනවද ඕනේ කන්න.
??? :ඔයාට හදන්න පුලුවන් pancake විතරයිනේ ඉතින්
Yahhhh Jeon Jungkook u little ...
සන්හී කියලා ඉවර කරන්නත් කලින් ජන්කුක් එතැනින් පැනලා දිව්වේ එයාගේ noonaගෙන් ගුටි කන්න වෙයි කියලාමයි.
Jeon Sung-hee කියන්නේ අවුරුදු 26ක් වෙන ලස්සන කටකාර ගැහැනු ලමයෙක්. එයාගේ ඔම්මායි අප්පායි දෙන්නම vacation එකකට වෙන රටකට ගියපු නිසා අප්පාගේ business තාවකාලිකව බලාගන්න සන්හීටයි ජන්කුක්ටයි සිද්ද වුනා. ජන්කුක් සන්හීට වඩා අවුරුදු දෙකක් පොඩී. පොඩී වුනාට කරන වැඩ නම් එහෙම නෑ. එයා ඉන්නේ හරියට සන්හීගේ ඔප්පා වගේ. සන්හීගේ හැම වැඩකටම උදව් කරන්න අපාය සහයකයෝ දෙන්නෙක් හිටියා(කවුද කියලා ඉදිරියට...) ඒ දෙන්නත් වැඩ කරේ Jeon company එකේ. ඉතින් සන්හී මොනවා කරත් ඒ වැඩේ හොද වුනත් නරක වුනත් ඒ දෙන්නාගෙ උදව්වල නම් කිසිම අඩුවක් වුනේ නෑ.