Sung-hee : කොහෙද ජිමින් යන්නේ. ආආආව්ව් මගේ ඔලුව
Jimin : ඔයානේ යකෙක් දැක්කා වගේ දුවගෙන ඇවිත් මගේ ඇගේ හැප්පුනේ. මං උදේ ඉදන් පිලිවෙලට හදපු files ටික. ආයේ මං මේක හදන්නේ නෑ. මට මේ ටික හදලා දෙනවා.
Sung-hee : යකෙක් නෙමෙයි Mr. Handsome. ඔය ටික පස්සේ හදමු
එහෙම කියලා සන්හී ජිමින්වත් ඇදගෙන එයාගේ cabin එකට ගියේ මොකද වුනේ කියලා කියන්න. Cabin එකට එක්ක ගෙන වෙච්චි හැමදේම කිව්වට පස්සේ ජිමින් වෙනදා වගේම හිනා වෙලා බිම ඉදගත්තා. ආයෙත් නැගිටලා ගිහින් හරි බරි ගැහිලා ජිමින් හිනා වෙවී සැප පහසු පුටුවේ ඉදගත්තේ phone එකත් අතට ගන්න ගමන්.
Sung-hee : අනේ මට ඔය වගේ වැඩමයි වෙන්නේ චිමී. දැන් මං එයාට මූණ දෙන්නේ කොහොමද? මොනව හරි කියන්නකෝ
...
Sung-hee :ජිමින්???
....
සන්හී කිව්ව දේවල්වලට මොනවත් කියන්නේ නැතුව ජිමින් එයාගේ phone එක දිහා බලාගෙන smirk කරනවා දැක්ක නිසා සන්හී ගිහින් ජිමින්ගේ phone එක උදුරලා ගත්තත් සන්හීගේ අතින් වැරදිලා ජිමින්ගේ phone එක off වුනා.
Sung-hee : මොකද්ද මේකේ password එක?? මොනවද ඒ හිනා වෙවී කර කර හිටියේ??
Jimin : ඒක මගේ වැඩක්
ආයෙත් සන්හීගෙන් phone එක උදුරලා ගත්ත ජිමින් ඒක සන්හීට ගන්න බැරි වෙන විදිහට උඩට කරලා අල්ලාගත්තා.
Sung-hee : මට ඕක දෙනවා
Jimin : නෑ දෙන්නේ නෑ.
දෙන්නා පොඩි එවුන් දෙන්නෙක් වගේ හිනා වෙවී කෑගහනවා. ඒත් එක්කම ජින් සන්හීගේ cabin එකට ආවේ දොරටවත් තට්ටු කරන්නේ නැතුව. ජින් cabin එකට එද්දී සන්හී ජිමින්ගේ බෙල්ලේ එල්ලිලා... ජිමින් සන්හිගේ ඉණ වටේ අත දාලා අල්ලගෙන. ජින්ව දැක්ක ගමන් ජිමින් කරේ සන්හිව තල්ලු කරපු එක. එහෙම එකක් සන්හී බලාපොරොත්තු වුනේ නැති නිසා Balance නැතුව එයා පුටුව උඩට වැටුනා. තමන්ගේ හොදම යාලුවා වැටෙද්දී හිනා නොවෙන්නේ කවුද? සන්හී වැටෙනවා දැක්ක ගමන් ජිමින්ගේ නවත්තගෙන හිටපු හිනාව ආයෙත් එලියට පැන්නා. සන්හී ජිමින් දිහා රවලා බැලුවත් අන්තිමට එයත් නැවතුනේ හිනා වෙලා. එතන ජිමින් ඉන්නවා කියලා ගනන් ගන්නේ නැතුව ජින් සන්හීට කතා කරා.