Tokyo gcf real story
ජිමින් මුල් කාලෙ ඉඳන් ම නිතරම කියපු දෙයක් තමා එයාට ජන්කුක් එක්ක ට්‍රිප් එකක් යන්න ආසයි කිව්ව එක. ඒ වගේම ජිමින් කිව්වා ජන්කුක්ට එයාව හොඳින්ම ආරක්ෂා කරගන්න පුලුවන් කියල. ජිමින් මේ ගැන ෆෑන්ස්ලා එක්ක පවා කියල තියෙනව. ඒත් ජිමින් එහෙම කියන හැමවෙලාවකම ජන්කුක් මුකුත් නොකියා හිනා වෙලා ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
ජිමින්ට ජන්කුක් එක්ක ට්‍රිප් එකක් යන්න කොච්චර ආසාවෙන් හිටියද කියල මේකෙන් පේනවා ඇති ඔයාලට. මේ තියෙන්නේ ජිමින් ජන්කුක් එක්ක ට්‍රිප් එකක් යන්න ඕන කියලා කිව්ව අවස්තා කීපයක් විතරයි .
අන්තිමට ජන්කුක් ජිමින්ගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට කලා. 2017 ජිමින්ගෙ බර්ත් ඩේ එක වෙනුවෙන් ජන්කුක් ජිමින්ව ටෝකියෝ එක්කන් ගියා. මේ ට්‍රිප් එක ප්‍රයිවට් ට්‍රිප් එකක් කියලයි කියන්නේ. මොකද මේ ට්‍රිප් එකට ස්ටාෆ් එකක් නෑ. කැමරා නෑ. වෙන මෙම්බර්ස්ලා නෑ. ඕගනයිස් කරපු ඉවෙන්ට්ස් නෑ. ජන්කුක් සහ ජිමින් දෙන්නා විතරයි. ඒ වගේම ජපානෙදි එයාලා නවතින්න බුක් කරලා තිබ්බෙත් ප්‍රසිද්ධ හොටෙල් එකක එක රූම් එකක් විතරයි.