පුරුදු පාරෙම
අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව ආගිය මඟේහැමදාම ගියපු පාරක මගේ ළඟින් හිටිය නැති ගොඩක් අය අද මගෙ පස්සෙන් එනවා ...
ජීවත් වෙලා ඉන්නකොට මම ගැන හෙව්වෙ නැති ගොඩක් අය අද මම ළඟින් ඉන්නවා...
මට මේ ජීවිතේ හුරුයි...
ඒත් මට නොතේරෙන්නෙ...
ඇයි මේ බොරු ආටෝප කියලයි...
ජීවත් වෙනකොට මං ළඟින් නොඉදපු අය...
මැරුණාම මොකටද ....කවමදාවත් මගේ බර උබේ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් නුඹෙජීවත් වෙලා ඉන්නකම් මම උබට බරක් උන්නැ ...
අත පය හතරේ හයිය තියනකන්ම මම මං ගැන උබලා ගැන බැලුවා...
අද මගෙ හුස්ම ටික ගිය දවසෙත්...
උබට බරක් වෙන්න මම කැමැති නැ පුතේ...
උබලට හුඟක් වැඩ ඇති....
මේ අසරණ තාත්තව බලාගන්න බැරුවැති..
කවදාවත් කරගැටයක් දාන්න ඉඩ තියලා නැති ඔය අත්වලට අද මාව බරක් වෙලා පුතේ...
මාව බිමින් තියපම්..
කමක් නෑ...කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයේ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අදුනගන්නම් හෙට උදේමේ සොහොනෙ මං වගේ තනි වුන අය ගොඩක් ඇති...
උබලා බය වෙන්නෙපා මම මෙහෙ තනී කියලා උබලා ලගට ආයේ එන්නෑ...
කෝමහරි මම මෙහෙට හුරු වෙන්නම් පුතේ...
හෙට උදේට මෙහෙ තනිවුන අයත් එක්ක මං මගෙ දුක බෙදාගන්නම්....
උබ මාව මෙතනින් ඇරලවලා පලයන්..
මම මෙහෙ කෝමහරි ඉන්නම්...සොභාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුන්ඩුව
අරන් පලයන් අම්මගෙමට හැමදාම උබලට බරක් වෙන්න සොබාදහම උනත් ඉඩ දෙන්නැ පුතේ...
හැමෝම කවදා හරි මැරෙනවා...
ඒ දේ මටත් උබටත් දෙන්නටම පොදුයි...
අද මාව සොබාදහම විසින් තෝරගෙන...
ඉතින් මම ඒකට අවනත වුනා ....
අදින් පස්සෙ උබලට බරක් වෙන්න මම නැහැ...
ඒත් අමතක නොකර ..
අම්මගෙ බෙහෙත් තුණ්ඩුව අරන් පලයන් පුතේ...
එයාව බලාගන්න මම ආයෙ එයා ළඟ නෑ...
එයාව හොදින් බලාගන්න...
මේ හදවත තාමත් උබලට ආදරේ කරනවා.....ගායනය සහ සංගීතය - රවී රොයිස්ටර්
පද - ඉරේෂා හේමමාලි_________________________________________
මම දන්නෙ නැහැ ඉරේෂා හේමමාලි කියන කෙනා මේ පදවලින් අදහස් කරන්න හැදුවේ මම අදහස් කරපු දේද කියලා... ඒත් මේක මගේ අදහස..
ගොඩක් වෙලාවට තාත්තලා ආදරේ දෙන්නෙ හංගගෙන...
එයාලව අපිට ගොඩක් මගහැරෙයි...
ඒත් එයාලා නැතිවුණ දාක දැනේවි...
ඒ දුක...
ඒ අඩුව...ඔයාගේ තාත්තා තාමත් ඔයාලා එක්ක නම්...
ඒ තාත්තට දීර්ඝායුෂ පතනවා ❤
ඒ වගේම ඔයාලටත් ඒ තාත්තගෙ උණුහුමේ ගොඩක් කල් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඔයාගේ තාත්තා දැනටමත් මේ ලෝකේ නැති නම්...
බය වෙන්න දුක් වෙන්නෙපා...
එයා කොහෙ හරි හොද තැනක ඉපදිලා ඇති ❤ඉතින් මේ සිංදුව මීට කලින් අහලා නැති කෙනෙක් නම් ඔයා ...
දැන්මම අහන්න....
කියාගන්න බැරි අමුතු දුකක් හිතට දැනෙයි...
ඒ දුකට හුරු වෙන්න..මම ජීවිතේ අහන්න බයම සිංදු වලින් එකක්
YOU ARE READING
Thoughts Of Me
Poetryමම දන්නැ කවදා මේක නවතීද කොහොම නවතීද කියලා ❤ Story " එකක් " නෙමෙයි... ගොඩක්... ✨️