[ 04 ]

319 92 6
                                    

"මෙරි ක්‍රිස්මස්.." නත්තල් ඇදුමක් ඇදපු බඩතඩි බෝල සැන්ටා කෙනෙක් මම ඉස්සරහට ආවා. පහළ හිටිය අයට තෑගි දුන්නෙ එයා..

හැම අවුරුද්දකම වගේ මගේ ළගටත් ඇවිත් කතා කරලා තෑග්ගක් දෙන්න අමතක කරන්නේ නෑ. හැබැයි අද මම එයාට හිනා උනේ නෑ..

මොකද මම එක දෙයක් තේරුම් ගත්තා..

ඒක බොරුවක් උනත්..

මම කොහොමද විශ්වාස කරන්නේ හියුන්ගේ සෙන්ට් සුවද සැන්ටා ළගින් එන්නේ කොහොමද කියලා?!?

"මොකද මේ ටේ බබා දුකින්?" සැන්ටා ගොරෝසු කටහඩකින් කියලා මගේ ළග වාඩි උනා..

මට අවුරුදු පහක් වෙද්දී මේ වගේම නත්තලක සැන්ටා මං ළගට ආවා.. ඇවිත් මට ටේටේ කියන්නද ඇහුවා? හියුන්ගෙන්වත් අහන්න ලැබෙන්නේ නැති ඒ ආමන්ත්‍රණයට මම ලෝබ වෙද්දී සැන්ටාට මම හැමදාම ටේ බබා , ටේටේ උනා...

"සැන්ටා එක්ක මම තරහයි!"

"ඒ ඇයි?"

"මොකද සැන්ටා මට ආදරේ නෑනේ ඒකයි!"

සැන්ටා ලෝකේ තියෙන ලොකුම විහිළුව වගේ හිනා වෙද්දි ඔය බඩ තඩියට මට ගහන්න හිතුන වාර අනන්තයි...

"ඇයි දැන් ටේටේ එහෙම කියන්නේ හූම්?"

"මොකද සැන්ටා කවදාවත් මගේ විශ් එකක්වත් ඉෂ්ට කටේ නැති නිසා! හැමදාම හියුන් ළග ඉන්න ඕන කිව්වාත් , හියුන් මට ටේටේ කියන්නේ නෑ නේද කියලා දැන දැනත් මම සැන්ටාගෙන් හියුන්ව ඉල්ලුවා.. ඒත් සැන්ටා... හැමෝම නත්තල සාමය සතුට පිරුණ අවුරුද්දක් කිව්වාට මට නත්තල කියන්නේ ඉෂ්ට වෙන්නේ නැති විශ් සැන්ටාට දීලා අනික් අය දිහා සතුටු වෙන අවුරුද්දක් විතරයි...ඒ නිසා මට මේ පාර සැන්ටා ගෙන් ඉල්ලන්න කිසිම විශ් එකක් නෑ.. තිබ්බත් මට උවමනා නෑ"

සැන්ටා බිමට ඔළුව නවාගෙන මම කියන ඒවා අහන් හිටියා..

"ටේටේ.. අන්තිම වතාවට හරි මගෙන් දෙයක් ඉල්ලන්න.. අනිවාර්යයෙන් ම ඉෂ්ට කරන්නම්"

පුංචි එකෙක් සීනිබෝල තියෙනකොට හද ඉල්ලුවා වගේ මමත් සැන්ටාට හිනා වෙලා අන්තිම වතාවට දෙයක් ඉල්ලුවා..

"සැන්ටා... ඔයාට පුළුවන් ද මගේ ඩ්‍රීම් ප්‍රින්ස් ව ගෙනත් දෙන්න?!"

______________________

බාදුරා මල ආදරෙයි ❤️

ᴛᴀᴇ ᴛᴀᴇ ☃️  ✓Where stories live. Discover now